IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ග්‍රීසියේ තවත් සංක්‍රමණික කඳවුරක පිරිසක් නිරෝධායනයට

ග්‍රීසියේ මලකාසා සරණාගත කඳවුරේ පුද්ගයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු එම කඳවුර සම්පූර්ණයෙන්ම නිරෝධායනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
 
කොරෝනා ආසාදනය වූ පුද්ගලයා 53 හැවිරිදි ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකි.
 
මෙම පුද්ගලයා ඔහුගේ පවුලේ අය සහ තවත් සියගනනක් සංක්‍රමණිකයන් සමග කඳවුරේ වාසය කරයි.

කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව ඔහු ඇතැන්ස් හි රෝහලකට මාරු කර යවා ඇත.
වයිරසය ඔහු වෙත පැමිණි මාර්ගය සහ ඔහු සබඳතා පැවැත්වූ පුද්ගලයන් සම්බන්දව දිගටම පරීක්ෂණ සිදුකරගෙන යන බව ග්‍රීසියේ මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසයි.
 
ඇතැන්ස් සිට කිලෝමීටර් 40ක් පමණ ඊසාන දිගින් පිහිටි මලකාසා කඳවුර සති දෙකක කාලයකට නීරෝධායනය සඳහා යොදවන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
 
මෙය ග්‍රීසියේ ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් නීරෝධායනය කළ  දෙවන කඳවුරයි.
මීට පෙර ආසාදිතයන් 20 දෙනකු වාර්තා වීම හේතුවෙන් ග්‍රීසියේ මධ්‍යම රිට්සෝනා කඳවුර අගුලු දැමීමට බලධාරීහු පියවර ගත්හ.
 
රෝග බෝවීම අවම කිරීම සඳහා මාර්තු 1 වනදායින් පසු පැමිණි සංක්‍රමණිකයින් සම්බන්දව විශේෂයෙන් සකස් කරන ලද පහසුකම් ක්‍රියාත්මක වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
"සෑම කෙනෙකුම අවදානමට ලක්ව ඇත. ග්‍රීසියේ සංක්‍රමණිකයන් සරණාගතයින් වඩාත් අවදානමට ලක්වී ඇති කණ්ඩායමයි. ප්‍රධාන භූමියේ සහ දූපත් වල සංක්‍රමණිකයන් ඇතුළු සෑම කෙනෙකුටම සෞඛ්‍ය සේවා සඳහා සමාන පහසුකම් සහතික කිරීම අවශ්‍යයි. විශේෂයෙන් මෙවැනි වසංගතයක් පැතිරෙන අවස්ථාවක වැළැක්වීම, පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම ඇතුළු සේවාවලට සමාන ප්‍රවේශයක් ලබාදීම අවශ්‍යයි. මෙය මානුෂික පියවරක් පමණක් නොව ග්‍රිසියේ මහජන සෞඛ්‍ය සඳහා අත්‍යාවශ්‍ය කරුණකි" ග්‍රීසියේ සරණාගතයින් සම්බන්දව කටයුතු කරන ආයතනයක ප්‍රධානී ගියන්ලූකා රෝකෝ පැවසීය.
 
ග්‍රීසියේ මේ වනවිට කොරෝනා වයිරස රෝගීන් 1 673 ක් වාර්තා වී ඇති අතර මරණ 68ක් සිදුවී තිබේ.
පුද්ගලයන් 78 දෙනකු සුවය ලබා ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

ග්‍රීසියේ තවත් සංක්‍රමණික කඳවුරක පිරිසක් නිරෝධායනයට

rasika Sunday, 05 April 2020 09:07 AM

මෙතෙන වසංගත දෙකකි .එකකින් ප්‍රතිඵල දවස් 14න් .ඩඅනෙක අවුරුදු 14 න්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site