( තිලකරත්න දිසානායක)
ගම්පහ , විජයාරාම පාරේ පදිංචි හිටපු යුද හමුදා සාමාජිකයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් අනතුරුව අංගොඩ අයි ඩී එච් රෝහලට ඇතුලත් කිරීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.
55 වියෙහි පසුවන මෙම තැනැත්තා ඔහු සේවය කරන පෞද්ගලික ආරක්ෂක සේවාවක අවශ්‍යතාවයක් සදහා පසුගිය 20 වෙනි දින වැලිසර නාවික හමුදා කඳවුරට ගොස් ඇති අතර පසුව ඇතිවූ රෝග ලක්ෂණ මත ගම්පහ රෝහලට ඇතුලුවීමෙන් අනතුරුව පීසීආර් පරීක්ෂණයකට භාජනය කර තිබේ.
එමගින් ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසුව අයි ඩී එච් රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.
මේ අතර එම තැනැත්තාගේ පවුලේ සාමාජිකයින් සහ ඔහු ආ ගිය බව කියන විජයාරාම පාරේ නිවාස හතරක සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති බවද සමරදිවාකර මහතා සදහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.