( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බදාදා (08) උදෑසන 6 අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1815 ක් අත්අඩංගුවට ගෙන වාහන 595 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එසේම, කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉකුත් මස 20 වැනි දින සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් පසු බදාදා(08) උදෑසන 6.00 දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 17717 ක් බවත්, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 4586 ක් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටී.
COMMENTS
මේ අයට දඩයක් ගහල නිදහස් කළා නම් මෙච්චර කරදර වෙන්න ඕන නැහැ නේද?
බස්නාහිර පළාතට , යාපනයට , පුත්තලමට , නුවරට මාර්තු 20 වෙනිදා දාපු ඇදිරිනීතිය තවමත් එක දිගටම ක්‍රියාත්මකයි. ඉතින් කොහොමද මිනිස්සු ඇදිරිනීති නොකඩා ඉන්නේ අපේ රටේ නිසා මෙහෙම හරි තත්වය හොදයි. ඉන්දියාවේ වගේ මිනිස්සු හිටියානම් මේ වෙනකොට පාරට බැහැලා ලොකු උද්ගෝෂණයක් කරලා පොලිසියෙන් වෙඩි තියලා ලොකු විනාශයක් වෙලා. AC කාමරවල ඉදගෙන තීන්දු තීරණ ගන්න අයට මොන අඩුවක්ද ? වෙලාවට පඩිය ලැබෙනවා සියලුම දීමනා ලැබෙනවා. යාන වාහන ලැබෙනවා. පොඩ්ඩක් සාමාන්‍ය මිනිස්සු ගැනත් හිතලා තීරණ ගන්න. ඇදිරිනීතිය නොදා ඉන්න කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒකත් යම්කිසි ක්‍රමවේදෙකටයි වෙන්න ඕනා. සහන මලු ලැබෙනවා කියලා TV එකේනම් පෙන්නනවා. හැබැයි අපි දන්න කිසිම අහිංසක මනුස්සයකුට ලැබිලා නැහැ. ඒවා ගැන හොයලා බලන්නත් කවුරුවත් නැහැ. තමන්ගේ දරුවෝ බඩගින්නේ අඩනකොට තාත්තලා ඇදිරිනීති කඩලා හරි දරුවන්ට මොනවාහරි හොයාගෙන එන්න පාරට බහිනවා. සහන මලු බෙදන එකත් හමුදාවටම බාරදෙන්න. හොර දේශපාලකයින්ට බාරදෙන්න එපා. එයාල දෙන්නේ එයාලගේ හිතවත් අයට විතරයි.