(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගෙවුණු පැය 24 තුළ (අද උදෑසන 6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 159ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
ඉකුත් මාර්තු මස 20 වැනි දා සිට මේ දක්වා දින 39 ක් තුළදී ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 41557 ක් අත්අඩංගුවට ගෙන වාහන 10719 දිවයිනේ පොලිසිය ස්ථාන මඟින් සිය බාරයට ගෙන ඇති බව දෛනික වාර්තා අනුව සඳහන් වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාස වැඩි දුරටත් සඳහන් කරයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.