(නිමන්ති රණසිංහ)
කොළඹ නගරයේ තරු පහේ හෝටල් ඇතුළු සංචාරක මණ්ඩලයේ අනුමත සියලූ හෝටල් සහ අවන්හල් හෙට (26) සිට විවෘත කිරීමට අවසර දී ඇතැයි මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා ලංකාදීපයට අද (25) පැවසීය.
සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් එම අවන්හල් සහ හෝටල් නිසි පරිදි පවත්වාගෙන යාමට එලෙස අවසර ලබා දී ඇතැයි ද චන්ද්‍රපාල මහතා සදහන් කරයි.
එසේම, විවෘත කළ අදාළ ආයතන සෞඛ්‍යාරක්ෂිත නිසි ක‍්‍රමවේදයන්ට අනුගත වෙමින් පවත්වාගෙන යන්නේ දැයි සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවද චන්ද්‍රපාල මහතා සදහන් කරයි.
මෙම කණ්ඩායමට අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකා පොලීසියේ ද සහාය ලබා ගන්නා බව ද චන්ද්‍රපාල මහතා පවසයි.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබූ කොළඹ නගරයේ තරු පංතියේ හෝටල් සංචාරක කර්මාන්තය සදහා ද අද (26) දිනයේ විවෘත කෙරෙන බවත් ඒ පිළිබදව තමන් වෙත දැනුවත් කර ඇති බවත් වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් අප කළ විමසීමකදී පැවසිය.
COMMENTS
හැමදාම වහගෙන ඉඳලත් බැහැ. රට යථා තත්ත්වයට පත්විය යුතුයි. ඒත්, පරිස්සමින්.... වැඩේ වන කරගත්තොත්, සුනේ සුන්! ඒ ටිකත් මතකතියා ගැනීම වැදගත්...
කරුණාකරලා මිනිසුන්ගේ ශාරීරික උෂ්ණත්වය මැනලා ඇතුළට ගන්න. එමෙන්ම ආරක්ෂක කුටියක් තුළ අවිආයුධ, පුපුරන ද්‍රව්‍ය ඇතිද කියලා පරීක්ෂා කොට යවන්න. මෙම හෝටල්වල වෙබ් අඩවිවල සඳහන් කරන්න හෝටල්වලට එන අය පිළිපැදිය යුතු කරුණු... පිටරටවලින් එන අය මෙවැනි දැනුම්දීමක් කළාම මිනිසුන් අපගේ රට ආරක්ෂිතයි කියලා දැනුණාම බයක් නැතිව එ්වි.... එමෙන්ම කුලීරථ ඉන්න මාෆියාවෙන් සංචාරකයින් බේරාදෙන්න කටයුතු කරන්න. මේ වෙලාවේ අතරමන් වුණු විදේශ සංචාරකයින්ට අපගේ ගම්බද කාරුණික මිනිසුන් කළ සත්කාරය පිළිබඳව ඉතාම හොඳ ප්‍රතිඵලයක් සමාජගත වෙලා තියෙන්නේ.
ලංකාවට සංචාරකයෝ එන්නෙත් නැහැ.. මේ අැඳිරි නීති අස්සේ කවුද ඕවට යන්නේ? අනිත් පැත්තෙන් හැමදාම රට වහගෙන ඉඳලත් බැහැ...