
කුසගින්න නිවාගැනීම සඳහා ආහාර ස්වල්පයක් සොරකම් කිරීම අපරාධයක් නොවන බවට ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇත.
රෝමන් ඔස්ට්‍රියාකොව් නමැති පුද්ගලයකු ඉතාලියේ සුපිරි වෙළෙඳසැලකින් කරන ලද සොරකමකට අදාළ තීන්දුව ලබාදෙමින් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය එය තීරණය කර ඇත.
ඒ අනුව රෝමන් ඔස්ට්‍රියාකොව් සොරකමක් කර නැතැයි ද ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
රෝමන් ඔස්ට්‍රියාකොව් ඉතාලියේ වෙසෙන නිවසක් අහිමි යුක්රේන පසුබිමක් ඇති පුද්ලයෙකි. හෙතෙම යූරෝ 4.07 (ඇමෙරිකානු ඩොලර් 4.50 – ශ්‍රී ලංකා රුපියල් 840 කට ආසන්න මුදලක්) වටිනාකමකින් යුතු චීස් සහ සොසේජස් සොරකම් කර ඇත.
‘‘කඩිනම් සහ අත්‍යවශ්‍ය පෝෂණය වෙනුවෙන් ආහාර ස්වල්පයක් සොරකම් කිරීම වරදක් නොවේ’’ අදාළ තීන්දුව දෙමින් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
‘‘එය අපරාධයක් නොවේ’’ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
රෝමන් ඔස්ට්‍රියාකොව් 2011 වසරේදී ඉතාලියේ ජෙනෝවා නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකින් චීස් කෑලි දෙකක් සහ සොසේජස් පැකට්ටුවක් සිය සාක්කාවුට ඔබාගෙන ඇත. එය දුටු එහි පැමිණි තවත් පාරිභෝගිකයකු ඒ බව වෙළෙඳසැලේ ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත. රෝමන් ඔස්ට්‍රියාකොව් මුදල් ගෙවා ඇත්තේ වියළි කුඩා පාන් කැබලිවලට පමණි.
ඊට වරදකරු කළ රෝමන් ඔස්ට්‍රියාකොව්ට 2015 වසරේදී මාස හයක සහ යූරෝ 100ක දඩයක් නියම විණි.
රෝමන් ඔස්ට්‍රියාකොව් වරදකරු කරමින් දුන් තීන්දුව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අතර ඒ අනුව ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු වරදකරුවකු නොවන බව තීන්දු කළේය.
බී.බී.සී.
ඡායාරූප – ඒ.එෆ්.පී.
055

COMMENTS
මානුෂිය තීන්දුවක්.
සාධාරණ තීන්දුවක් වුවත් වැරදි පූර්වාදර්ශයක් විය හැකියි.
ඉතාලියේ ආහාර සොරකම් කර අහුවුණොත් බොහෝවිට කරන්නේ ඒ දේවල් නැවත ලබාගෙන පුද්ගලයා මුදා හැරීමයි.
ඒ වුණාට කොස් ගෙඩියක් හොරෙන් කැඩුවොත් එය සාපරාධී ක්‍රියාවකි.
එයයි නියම මානුෂිය ගුණය විනිසුරු තුමනි. නමුත් අපි කුසගින්නට අඹ ගෙඩි 4ක් කඩා ගත් අම්මලාව සිරගත කර විශාල පරිමාණයෙන් සොරකම් වල නියැලෙන අයට මැති ඇමති ධුර පිරිනමන්නෙමු.. අපි හරි වෙනස් ජාතියක් කියන්නේ අන්න එකයි..
මදැයි කොලා, දැන් සුපෙර් මාර්කට් කාරයට අර මනුස්සයාගේ නඩු ගාස්තුත් එක්කල වන්දි ගෙවන්න වෙනවනේ?
ශ්‍රේෂ්ඨ නඩු තීන්දුවක්... තුන්වන ලෝකයේ ඇතැම් උඩඟු විනිසුරන්ට මෙය හොඳ ආදර්ශයකි. එම ලෝකයේම මනුෂ්‍යත්වය නොමැති ඇතැම් නීතිවේදීන්ට හොඳ කනේ පහරකි.
ඕවා මොනවද? අපේ විනිසුරුවරු සුනාමි ආධාර මහාපරිමාණයෙන් ගසාකාපු අයවත් නිදොස්කොට නිදහස් කලේ...
මෙය ආදර්ශයට නොගනීවා... නැතිනම් විශාල විනාශයක් විය හැකිය.
ලංකාවේ අනිත් පැත්ත. මෙහෙ අය බඩගින්නට හොරකම් කරන අය හිරේ දාලා මහා පරිමාණ හොරු නිදැල්ලේ ඉන්න අරිනවා.
මෙය 2016 සිදුවූ සිදුවීමකි.
ඉතාලියේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ... බඩගින්න නිවාගන්න පොල් ගෙඩි කිහිපයක් සොරකම් කළ පුද්ගලයාට මෙහෙ අනිවාර්යයෙන්ම උසාවියෙන් දඬුවම් කරනවා.. රුපියල් කෝටි ගණනක් වටිනා නිවසක් මුදල් ඇමතියෙකුට තෑගිදෙනවා. ඒවාට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ.. අඩුම තරමේ ඔහුව රිමාන්ඩ් කරන්නෙත් නැහැ...
ලංකාවෙ අඹ ගෙඩියටත් හිරෙ යැව්වෙ...