(දිමුතු සඳරුවන්)
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 ඉක්මවා තිබේ.
ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක , ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය විහාරය හා පාමංකඩ ශ්‍රී මහා විහාරාධිපති අන්තර්ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක අග්ගමහා පණ්ඩිත, ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි වියට්නාම - ඇමෙරිකන් බෞද්ධ සම්මේලනයේ සභාපති ගරු තික් වීන් ලී ස්වාමින් වහන්සේ අමරිකානු ඩොලර් 15,000ක මුදලක් පරිත්‍යාගයක් කළ බව ජනධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම මුදල වල්පොල පියරතන හිමියෝ විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වෙත භාරදී තිබේ.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට මෙම පරිත්‍යාග බැර කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ ගිණුමට දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ද දායක වී සිටිති.
නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇත.

COMMENTS
මේකේ භාරකාරයා බැසිල් ද? නරියට කුකුල්ලු බාර දුන්න වගේ තමයි ඉතින්....
තාම එක බිලියනයක් එකතු වෙලා නැහැනේ. කීයක් කුමක් සදහා වියදම් කරලා තිබෙනවද කියලත් දන්වන්න.
ප‍්‍රාර්ථනා කරනවා මෙ ආධාරවලට සුනාමි ආධාරවල වුණු දේ නොවී ජනතාවගේ ජීවිත ආරක්ෂාවට යොදවයි කියලා.... මෙ අර මුදල් මීට වඩා වැඩිවෙන්න තිබුණානම්, මොකද දෙයකින් විශ්වාසයක් තියන නිසා ....
මෙය තවත් අරමුදලක් නොවේවී කියා සහතියක් දිය හැකිද කිසිවෙකුටත් ...? කිසිදි විවිශ්වාසයක් තැබිය නොහැකියි. හැමදෙයක් තුළම ඇත්තේ හොරකම හා වංචාවයි.
හැම එකටම තුප්පහි කතා නොකියා ඉන්න බැරි කොටසක් ඉන්නවා...
කැරකිලා මූණටමනේ එන්නේ ඔය වගේ හොරා කන්න.පව්කාරයෝ.