IMG-LOGO

කොවිඩ් අරමුදලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් - පොලිසියෙන් කෝටි 6 ක්

(නිමන්ති රණසිංහ)
 
‘‘කොඩිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල’’ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි හයක මුදලක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයේදී අද (07)  සිදුවිය.
 
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු එක්දහස් දෙසීය දෙනෙකු ස්වේච්ඡාවෙන් පිරිනැමු රුපියල් කෝටියක මුදල සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ අරමුදෙල් ලබාගත් රුපියල් කෝටි 05ක මුදල ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත භාරදීම අද (07) සිදුවූ අතර මේ වන විට කොවිඞ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂන අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 420ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. එසේම, මෙම අරමුදල දායක වීමට කැමැති අය සදහා දුරකතන අංක 0112 2354479 සහ 011 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ. බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගත හැකි බවද එම කාර්යාලය දැනුම් දෙයි.
 
 ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න යන මහත්වරුන් පරිත්‍යාග මුදල් ජනාධිපති ලේකම් ආචාර්ය පි. බී. ජයසුන්දර මහතා වෙත භාරදෙනු අයුරු ඡායාරූපයෙන් දැක්වේ.



අදහස් (6)

කොවිඩ් අරමුදලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් - පොලිසියෙන් කෝටි 6 ක්

Nandalal DE SILVA - France Tuesday, 07 April 2020 04:46 PM

අප්පට සිරි..... ආරක්ෂක අමාත්‍යාංශයෙන් - පොලිසියෙන් කෝටි 6 ක් අරමුදලට පිනට දුන්නා කියන්නේ ඒ අයගේ සාක්කුවෙන් ඇදල අරන් දුන්න වගේ නේ ! මොවුන්ට මේ මුදල් සම්භාරය ලැබුනේ කොහෙන්ද කියලත් කිවුවා නම් තමයි හොඳ, කියල මගේ ආච්චි කියනවා ! මේ සෝබන දන් පින් වැඩවලින් ඔවුන් රජය සමග එකතුවී කරන්න හදන්නේ අසරණ මහජනයාත් රවටා බදු ගෙවන්නන්ගේ පොකට් එකටත් අනින්න වගෙයි කියල සීයා කියනවා. තවත් තැනක තිබුන පුවතක් අනුව අපේ අල්ලපු රටේ නරේන්ද්‍ර සින් වගේ අපේ දේසපාලුවෝ ඔය කියන පින් අරමුදල් කැටේට සත පනහක්වත් දැම්මද කියලා සමහරු අහනවා. එහෙම කීයක්වත් දැම්ම උනත්, ඒකත් හොරාකාපු මුදල් නේද කියලා අල්ලපු ගෙදර අන්කල් කියනවා....

:       128       166

rohana kumara mendis Friday, 10 April 2020 07:08 PM

බදු ගෙවන්නන්ගේ සහ අසරණ මහජනයාහෙන් පොලිසියෙන් ගහන දඩ මුදල් නේද?

:       1       19

saman Saturday, 11 April 2020 07:15 AM

මේ අයට යුද බිමේ අතපය කැඩිලා අවුරුදු 12ක් ගෙදර ඉන්න අයට තවම පෙන්ෂන් එක හදලා දෙන්න බැරිවුනා. හැබැයි මේක මේ අයට බෝ වෙයි කියලා සල්ලි දුන්නා. කොහෙන් හම්බකරපු සල්ලිද මේ ?

:       7       66

Dmis Dissanayaka Friday, 17 April 2020 06:46 AM

මෙම අරමුදලට මුදල් දෙන්න ඕනේ එත් කෝටි 6ක් අපෙනුත් දිනක පැදියක් කපාගෙන එම අරමුදලට දෙන්න කියල ඉල්ලීමක් කරනවා.

:       1       3

තෙමල්සිරි ගුණසිංහ Saturday, 02 May 2020 12:26 AM

හොඳ දෙයක්.... මේ වගේ අවස්ථාවක මෙම අරමුදලක් අවශ්‍යයි. මුදල් තිබෙන අයට මේක අවස්ථාව තවත් ධනවතුන් ඉන්නව තාමත් සල්ලිගහ හොලවන්නෙ නැතුව... පාර්ලිමේන්තුවේ හිටපු කට්ටියටත් මේක අවස්ථාවක් නේද? මුදල් පරිත්‍යාග කරන්න. කෝ දකින්නවත් නෑ. රජයෙන් දෙන 5000 බෙදන්න නම් දේශපාළුවන් ඉන්නව. අපේ රටේ ඉන්න තව ධනකුවේරයන්ට පුළුවන් නේද සල්ලි ගහ ටිකක් සොලවන්නව්මේ අවස්ථාවේ....

:       0       0

desigems Wednesday, 06 May 2020 05:20 AM

අනේ මන්දා...එක සතයක්වත් ලැබිල නෑ කියලා නහයෙන් අඬ අඬ කිව්වේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 117 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 662 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site