IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කුවේටයේ සිරවී සිටි 462ක් ලංකාවට

( ටී.කේ.ජී.කපිල )

කුවේටයේ රැකියා සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 462 ක් අද 19 දින රාත්‍රී කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි විත් තිබේ .

මෙයින් පළමු කණ්ඩායම ලෙස කුවේටයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 287 ක් පමණ රැගෙන කුවේට් ගුවන් සේවයේ කේ.යූ.- 1451 දරන විශේෂ ගුවන් යානය අද 19 දින රාත්‍රී 6.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

 මෙම ගුවන් යානයෙන් 300 ක පමණ පිරිසක් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට කටයුතු යොදා තිබුණ ද , ගුවන් යානය පිටත්වන මොහොත වනවිට විට කුවේට් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේ 287 ක පමණ පිරිසක් බවද වාර්තා වේ .

මෙහි දෙවන කණ්ඩායම ලෙස කුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 162 ක් රැගෙන කුවේට් ගුවන් සේවයේ කේ.යූ.- 1453 දරන ගුවන් යානය අද දින මධ්‍යම රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .

කුවේටයේ මේ ආකාරයට නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 19,000 ක් පමණ සිටින බවට වාර්තා වී තිබෙන අතර , ඔවුන්ට රටින් පිටවීම සදහා කුවේට් රජය විසින් ලබා දී තිබූ පොදු ක්ෂමා කාලය උපයෝගී කර ගනිමින් මෙසේ මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ .

ඔවුන්ට මෙසේ  ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර දී තිබුණි .

මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව විෂබීජහරණය කිරීමට ලක් කර ,

ඔවුන් තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී ද යන්න විමසා බලා , නීරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සම්පාදනය කර තිබුණි.

මේ අතර ඉන්දියාවේ බැංගලෝර් නුවර , කටාර් රාජ්‍යය වෙත යෑමට නොහැකිව එහි රැදී සිටි ගුවන් මගීන් 50 ක් පමණ රැගෙන ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9525 දරන ගුවන් යානයෙන් අද දින සවස  6.25 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

පසුව මෙම සංක්‍රමණික  මගීන් සියලු දෙනා විෂබීජහරණය කිරීමට ලක් කිරීමෙන් අනතුරුව අද (19) දින රාත්‍රී 8.30 ට පමණ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයෙන් දෝහා වෙත පිටත් කර හරිනු ලැබීය .

(ටී.කේ.ජී.කපිල )

කුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 300 ක් පමණ රැගෙන කුවේට් ගුවන් සේවයේ කේ.යූ.- 1451 දරන විශේෂ ගුවන් යානය අද(19) දින රාත්‍රී 6.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .



අදහස් (6)

කුවේටයේ සිරවී සිටි 462ක් ලංකාවට

Rashi Tuesday, 19 May 2020 03:12 PM

කුවේට් වීසා තියාගෙන නීත්‍යානුකූලව වැදගත් විදියට ඉන්න අය තාම කුවේට් වල... ගෙවල් වල වැඩට ගිහින් හොරෙන් පැනලා, රටේ නම කාලා හැංගි හැංගි හිටපු අය ගෙන්වනවා.. හොඳ වෙලාවට පැනලා ඉඳලා ලංකාවට එන්න බලාගෙන එම්බසිය ගාවට ආපු අයට පාස්පෝට් නොදුන්නේ... දීල ඒ 19000 ගෙනාවා නම් ලංකාවේ නිරෝධානය කඳවුරු පිරෙනවා.. වෙන රටකින් මනුස්සයෙක් ගේන්න වෙන්නේ නෑ.. මීට කලින් පොදු සමා කාල කීයක් දුන්නද..? මෙයාලා ලංකාවට එන්න තියා පැත්තවත් හැරිලාවත් බැලුවේ නෑ...

:       0       0

senaWednesday, 20 May 2020 08:23 AM

පැනලා ඉන්නවා... ඒ වගේම බංගලියෙක්, පාකිස්තාන් කාරයෙක්, එහෙමත් නැතිනම් කවුරුහරි ලංකාවේ නොවන මිනිහෙක් එක්ක පවුල් කනවා. මේ කතාවල යම් ඇත්තක් තියෙනවා. ඉතින් ඕක මිනිස් ගතිය එහෙම කියලා ලංකාවේ මිනිස්සු ලංකාවට ගෙන්න ගන්නේ නැතිව ඉන්න රජයකට බැහැ.

:       0       1

ගාමිණී Tuesday, 19 May 2020 03:15 PM

මෙයාලා හොරෙන් පැනලා විහින් අමාරුවෙ වැටුණු අය. ඇත්තටම අනිත් රටවල තව එන්න කොච්චර අය ඉන්නවද? මෙයාලගෙ හැටි දන්න නිසා කුවේට් එකේ ඉන්න ලංකාවේ අයවත් මෙයාලට උදව් කරන්නෙ නෑ...

:       0       0

Saman Tuesday, 19 May 2020 03:17 PM

බංගලිදේශේ, පකිස්තානයේ, ඉන්දියාවේ, මිසරයටත් ප්ලේන් වැඩ. අපරාදෙ ඒ රටවලට යවන්න තිබුනේ. මෙයාලගෙ යාලුවෝ ගොඩක් ඒ රටවල අය. බොරු නම් කුවේට් ඉන්න කාට හරි කතා කරලා අහන්න.

:       0       0

Champa Tuesday, 19 May 2020 05:39 PM

මැද පෙරදිග ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට එන්න ටිකට් ගන්න මුදල් නැහැ කියලා පහුගිය දවස්වල වාර්තා තිබුණා. ඒ හින්දා කුවේට් රජය නොමිලේම මේ ශ්‍රී ලාංකිකයන් ලංකාවට එක්ක ආපු එක අගය කරන්න ඕනේ. එහෙම නොවෙන්න මොනතරම් කරදරයක් වෙයිද? බොහෝ අය අත කෑමටත් මුදල් නැහැ කියනවා. හේතුව ඒ මිනිස්සු හම්බ කරපු සියල්ල ලංකාවට එවපු නිසා... කුවේට් රජය ශ්‍රී ලාංකිකයන්ට දක්වපු කරුණාව අපේ රජයට ශ්‍රී ලාංකිකයන්ට පෙන්වන්න බැරි වුනු එක ගැන කණගාටුයි. මේ සමහරු ජනාධිපතිවරණයේදී ඡන්දෙ පාවිච්චි කරන්න ලංකාවට එන්නත් ඇති. මට මතකයි දැන් ඉන්න SLPP ඇමතිවරු සහ වියත්මඟ පවා මැද පෙරදිග ගිහින් මේ මිනිස්සුන්ගේ සහයෝගය ඉල්ලුවා ජනාධිපතිවරණෙට... මැද පෙරදිග ඉඳන් ලංකාවට එන්න ඉන්න අපේ මිනිස්සුන්ව කොන්දේසි විරහිතව නොමිලේ ලංකාවට ගේන්න ඕනේ... යුරෝපයේ වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ට වඩා මැද පෙරදිග වැඩ කරන ශ්‍රී ලාංකිකයන් දුක් විඳින බව හැමෝම දන්නා දෙයක්. අනිත් අතට වැඩි දෙනා කාන්තාවන්. පහුගිය දවස්වල දිගටම ප්‍රවෘත්ති තිබුණා... නිරෝධායන මධ්‍යස්ථාන වල හිටපු අය විශාල වශයෙන් ගෙදර ගියා කියලා. ඒ හින්ද ඉඩ නැති වෙන්න බැහැ. නැත්නම් පරිත්‍යාග කල හෝටල් හෝ පාසල් පාවිච්චි කරන්නත් පුළුවන්...

:       100       7

maxi Tuesday, 19 May 2020 07:19 PM

ඇයි කුවේට් එයාවේ එකෙන් ගෙනත් දෙනකල් හිටියේ. ඇයි ශ්‍රී ලංකාවේ ප්ලේන් මැදපෙරදිග රටවල් වලට එන්න බැරිකමක් තියෙනවද අපේ මිනිස්සු ගෙනියන්න එන්න? එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානයට යන්න පුළුවන් උනාට මැදපෙරදිග රටවල් වලට එන්න බෑ. ලැජ්ජයි.

:       26       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31202 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13363 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 70 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 905 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site