(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මාර්තු 1 වැනිදා සිට මේ දක්වා ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවූ පුද්ගලයින් 58 ක් හඳුනාගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පවසයි.
එක් එක් ග්‍රාමසේවා කොට්ඨාසයන් වල සිදුකරන ලද ගවේෂණ වලින් පසු මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මෙසේ පැමිණ සිටින බොහෝ ඉතාලි ශ්‍රමිකයින්ගේ පවුල්වල බිරිඳ හා දරුවන් පමණක් මෙරටට පැමිණ ඇති බව හෙළි වී ඇත.
මෙම පුද්ගලයින්ගේ පදිංචි ස්ථාන කරා ගොස් ඔවුන් පෞද්ගලික දැනුවත් කළ බවත් ස්වයං නිරෝධායනය සදහා උපදෙස් සැපයූ බවත් ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලයුතු හොඳම දෙය මාර්තු 4 වෙනිදා සිට 15 වෙනිදා දක්වා මෙරට්ටට පැමිණි පුද්ගලයන්ට දුරකතනයෙන් රාජ්‍ය ආයතන සම්බන්ධ වෙන්න විශේෂ දුරකථන අංකයක් දෙන්න ඉන්පසු ඔවුන් සම්බන්ධ කරගෙන ඔවුන් බොරුවට රස්තියාදු නොකර වෙලාවක් ලබාදී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් ගෙදරට යවල හෝ ඔවුන් මගින් කොරෝන තිබෙනවා ද කියා පරික්ෂ කර නැතිනම් ඔවුන්ට ක්ලියරන්ස් සහතිකයක් ලබාදෙන්න.