නව කොරෝනා වයිරසය ලෝකයට මෙන්ම ලොව ක්‍රීඩා ක්ෂේත්‍රයටත් දැඩි බලපෑම් එල්ල කරද්දී ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෛරසය ආසාදිතවූවන් වෙනුවෙන් තැබූ පියවරක් පිළිබඳ බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත අද වාර්තා කළේය.
ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට අයත් පෘතුගාලයේ අධි සුඛෝපභොගී හෝටල් ජාලයක් වන පෙස්ටානා සී.ආර්.7 හෝටල් ජාලය කොවිඩ් 19 වයිරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා තාවකාලික රෝහලක් ලෙස පරිවර්තනය කර ඇත.
එමෙන්ම එහි සේවයට යොදා ගැනෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා සියලු ගෙවීම් තම පෞද්ගලික ධනයෙන් සිදු කිරීමටත් ඔහු අදහස් කර ඇති බව බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත වාර්තා කරයි. පෘතුගාලයෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 169 දෙනෙක් හඳුනාගෙන ඇති අතර කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නැත.
(125)
COMMENTS
කොහි සිටියත් මිනිසකු සතු උතුම් ගති තිබෙන ඔබට පුදදෙන්නෙමු ඔබට තුති...
අයි රෙස්පෙක්ට් යූ සර්...
ඒ වගේද.. අපේ රටේ කැරොකේ වසන්ත... අන්න දැන් සත්ගුණවත් උපාසකලා වෙලා...
ඒකටත් එක්ක. අපේ සමහරක් දේශපාලුවෝ? කොරෝනා කෙසේවෙතත් බලය ගැන හිතහිතා උන්නේ...
බොරුවක්නේ..
"කොහි සිටියත් මිනිසෙකු සතු උතුම් ගති" " තිබෙනා ඔබට පුද දෙන්නෙමු අපගේ තුති "
ඔහු උපයන දේ වැදගත් නැහැ. එහෙත් ඔහු කරන හොඳ දේ අගය කළ යුතුය. මහත්මා ගති ඇති උතුම් මිනිසෙකි.
අවු.2500 කටත් වඩා බෞද්ධ සංස්කෘතියක් ඇතැයි කියන අපිට එවන් මිනිසුන් බිහිකර ගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි.
විශිෂ්ඨයි සර්... ගරු කරමි...
උතුම් කාර්යයක්... අපේ රටේ අයිතිකරුවන් නැති, බංගලා රජයට පවරාගත් ජනපතිලා පදිංචි මන්දිර යොදාගත හැකි අනවශ්‍ය ප්‍රශ්න නැතිව...