අජිත්ලාල් ශාන්තඋදය

බන්‍ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙසක් පොහෝය දිනය නිමිත්තෙන් සිරකරුවන් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ කුරුවිට වළදුර පිහිටි කුරුවිට බන්‍ධනාගරයේ සුලු වැරදි සහ දඩ මුදල් ගෙවාගත නොහැකිව සිරදඩුවම් විදිමින් සිටි සිරකරුවන් විසි අටදෙනෙක් අද (7) දහවල් නිදහස ලැබ පිටව ගියේය.

කුරුවිට බන්‍ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය උපදෙස් අනුව මෙම නිදහස් කිරිම් සිදුකරනු ලැබීය.