සුමතිපාල දීයගහගේ
කොරෝනා වයිරස් මර්ධන කටයුතු සහ ජනතාවට සහන සැලසීම සදහා මාලිම්බඩ ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 10 ක් වෙන්කර ඇතැයි මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සෝමසිරි වීරමන් මහතා පවසයි.
මෙම මුදල්වලින් සතොස මගින් ආහාර ද්‍රව්‍ය ලබා ගෙන එම මිලටම ජනතාවගේ නිවෙස්වලටම ගෙන ගොස්දීමේ වැඩ පිළිවෙලක් ආරම්භකර ඇත.
එමෙන්ම එළවලුද සහන මිලකට ජනතාවට ලබාදිමද සිදු කෙරේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ලබා ගන්නා ජලය බව්සර් මගින් බෙදාහැරිමේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක වන බව පැවසූ වීරමන් මහතා ජල හිගයෙන් පීඩාවට පත්ව සිටින අකුරුගොඩ ගල්ලැම්බකුට්ටිය සහ හොරගොඩ මුස්ලිම් ගම්මානයේ ජල ටැංකි දෙකක් තබා ඇතැයිද කීය.
මාලිම්බඩ නගරය, විහාරස්ථාන, පොලිසිය, සහ වෙනත් සියලුම පොදු ස්ථාන විෂබීජහරණය කිරිමද නොකඩවා සිදු කිරිමටද එම ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.
දින දෙකකට වරක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, මහජන සෞඛ්‍ය පරික්ෂකයින් සහ ස්වේච්චා සංවිධාන නියෝජිතයින් සමග එක්ව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබද සාකච්චා කරන බවද සෝමසිරි වීරමන් මහතා සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
304
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා සහන වැඩට මාලිම්බඩ ප්‍රා. සභාවෙන් ලක්ෂ 10 ක්