කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා මැලේරියා මර්දන ඖෂධය ලබාගත් ඉන්දීය වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගොස් ඇත්තේ 41 හැවිරිදි වෛද්‍යවරයෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ ගුවාටි ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර කටයුතුවල නිරතව සිට ඇති අදාළ වෛද්‍යවරයා කොරෝනා වෛරසය සඳහා පූර්වාරක්ෂිත ක්‍රමවේදයක් ලෙස හයිඩ්‍රොක්ලෝරොකුයින් නැමැති ඖෂධය ලබාගෙන ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසති.
කෙසේ වෙතත් එහිදී ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් තිබේ.
(හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි )
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේත් කවුද මහාචාර්ය වරයෙක් මැලේරියා බෙහෙත සුදුසු යැයි නිර්දේශ කලා වගේ මතකයක් තියෙනවා.
ඩොක්ටර් සජිත්ගෙන්ද දන්නේ නැහැ උපදෙස් ගත්තේ.?
මෙන්න පුතනොගේ බේත නියමෙට වැඩ කරලා ලෙඩ්ඩු කෙසේ වෙතත් වෛද්‍යවරයකුත් පරලොව යවලා තියෙන්නේ.
විපක්ෂ නායක (වෛද්‍ය ) ගන්න කියපු බෙහෙත නෙද මෙ...????
ෂා !! අපේ දේශපාලුවෙකුත් මේ බෙහෙත නේද පාවිච්චියට නිර්දේශ කලේ?
මේ බෙහෙත බිව්වට කෙනෙක් මැරෙන්නේ නැහැ. සමහරවිට අදිමාත්‍රා ගත්තද දන්නේ නැහැ. එත් දොස්තර කෙනෙක් ? ලංකාවම ගත්තත් 50 - 60 දශක වල ලංකාවම වෙලාගෙන තිබුන මැලේරියාවට මේ බෙහෙත සාර්ථකව පාවිච්චි කරා. එකම ප්‍රශ්නකට තියෙන්නේ මේක ටිකක් බොන්න අමාරුයි
"තමන්ගේ දොස්තර තමන් වෙන්න එපා " කියන්නේ කට කසනවාට නොවෙයි.