කොරෝනා වයිරසයෙන් පසු බ්‍රිතාන්‍යය දේශගුණ අර්බුදයකට ගොදුරුවීම වැළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව එරට රජයේ උපදේශකවරු අවධාරණය කරති.
පශ්චාත් කොරෝනා සමයේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා වෙන්කර ඇති අරමුදල් කාබන් විමෝචනය අඩු කිරීමට කටයුතු කරන ආයතනවලට ලබා දෙන ලෙස ඔවුන් නිර්දේශ කර තිබේ.
හැකි නම් මහජනතාව නිවෙස්වල සිට රැකියා කටයුතුවල නිරත විය යුතුය.
මාර්ග ඉදිකිරීමට වඩා ආයෝජකයින් මුල්තැන ලබාදිය යුත්තේ බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා බව දේශගුණ වෙනස්වීම් පිළිබඳ කමිටුව සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට ලිපියක් යොමු කරමින් මෙම කමිටුව පෙන්වා දෙන්නේ රැකියා විරහිත තැනැත්තන් ශාඛ රෝපණය වැනි හරිත කර්මාන්තවල සේවයට යෙදවීම සඳහා පුහුණු කළ යුතු බවයි.
බ්‍රිතාන්‍ය ආර්ථිකයේ බොහෝ අංශ හරිතාගාර වායු විමෝචනයේ සම්පූර්ණ පිරිවැය නොදරයි. එබැවින් මෙම අංශ සඳහා කාබන් මිල නියම කිරීමෙන් හෝ ඉහළ නැංවීමෙන් ආදායම ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇත.
කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතවූ අර්බුදය හමුවේ අසමානතාව ඉස්මතු කර ඇති බවත් දරිද්‍රතාවෙන් පෙලෙන ජනතාව වැඩි අවදානමක සිටින බවත් ලිපියේ සඳහන් වේ.
දේශගුණ විපර්යාසවල දිගු කාලීන බලපෑම්වලට මුහුණ දෙන අඩු ආදායම්ලාභී කණ්ඩායම්වලට සහ තරුණ පිරිස්වලට වෛරසයට දක්වන ප්‍රතිචාරය අසමාන ලෙස බලපා තිබේ.
බ්‍රිතාන්‍ය රජය ඉදිරියේදී මෙම ලිපියට ප්‍රතිචාර දක්වනු ඇත.
(බීබීසී ඇසුරෙනි)
-226-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් ලිපියක්. මෙය සැම රටක්ම සැලකිය යුතු දෙයක්. මෙම ලිපියෙ ඉංග්‍රිසි මුල් ලිපියද (ලින්ක්) දැක්වුවා නම් වටිනවා සම්පුර්න දැනුවත් විමට.
භෞතික දියුණුව පසු පස හඹා ගිය මිනිසාට පරිසරය ගහකොල සතා සිව්පාවා ගැනත් සිතන්න කාලය ඇවිත් වගෙයි.
මුදල් පසුපස හඹාගිය සැමටම ස්වභාවධර්මය විසින් නැවත සිතීමට යමක් ඉතිරිකර ඇතිබවක් පැහැදිලිය... කව්රුන් සකස් කලත් මෙම ලිපියෙහි ලෝකයටම යමක් කීමට උත්සහයක් දරා ඇති බවක් කිවයුතුය.