IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා ව්‍යාප්තිය ජාතික හදිසි තත්ත්වයක්

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ‘ජාතික හදිසි තත්ත්වයක්’ ලෙස ප්‍රකාශයට පත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ ලොව ධනවත්ම රට ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ පාසල්, ක්‍රීඩා ඉසව්, කාර්යාල සහ සංචාරක කටයුතු නවතා දැමීමට පියවර ගැනිණි.

ප්‍රාන්ත සහ ඊට පහළ බලධාකාරීන්ට ආපදා සහන අරමුදලක් ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 40ක මුදලක් මුදා හරින බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා ජාතික හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් පැවැසීය.

වොෂින්ටන් නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (13) එම කරුණු සඳහන් කළේය.

එහිදි මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා පුදුමයට පත් කරමින් තමන් ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත් ද නැද්ද යන්න සොයාබැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණකයට මුහුණ දෙන බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 47 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එරට වයිරස ආසාදිතයන්ගේ ගණන2,000ඉක්මවා ගොස් ඇත.

‘‘ඉදිරි සති අට ඉතාම වැදගත්’’ යැයි ද ධවල මන්දිරයේ පැවැති මාධ්‍යහමුවේදී ජනාධිපති ට්‍රම්ප් පැවැසීය.

‘‘අපිට දෙයක් ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම අපි ඉතාම ඉක්මනින් මේ සටන ජයගන්නවා’’ යැයි ද හෙතෙම කීය.

ඒ.එෆ්.පී.
- 055



අදහස් (3)

කොරෝනා ව්‍යාප්තිය ජාතික හදිසි තත්ත්වයක්

ලැවොයිසියර් Saturday, 14 March 2020 05:37 AM

මැතිවරණයක් හමුවේ තවත් ජනහිතකාමී නායකයෙක්...!

:       20       46

sanaa Saturday, 14 March 2020 09:37 AM

අපිට දෙන්න පොරකන MCC සල්ලිත් ඔයගොල්ලොම තියාගන්න.

:       20       44

ChathuriSaturday, 14 March 2020 02:48 PM

එම්.සී.සී සල්ලි වලට කෙළගිලමින් ඉන්නේ දැන් ඉන්න රජය මිසක් ඔබට මේ සල්ලි වලින් කළ කිසිවක් නැත. අපේ රටේ නායකයින්ගේ මුදලට තියෙන ගිජුකම ලෝක නායකයින් දන්නවා. දැන් මේ මාරාන්තික රෝගය වෙලාවෙත් චිනට හරිම ආදරෙයි ඒ නිසානේ චින්නුන්ව රට ඇතුලට ගන්නේ. පරීක්ෂාවක් නොකර චිනගේ ගත් මුදල් වලින් තමයි රට දැනට දුවන්නේ චිනට රටෙන් බාගයක් පොලියට දුන්න වෙලාවේ. යුරෝපා රටකට දුන්නනම් අද ජනතාව සැප විදිනවා කොහෙවත් යන හිගන රටකට බිලි දීලා ඉවරයි. අසරණ සත්තුන් පණපිටින් උතුරන වතුර හැළියට හෝ කටට දමාගන්න තිරිසන් රටක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 211 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 969 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site