IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා ලොව පුරා රටවල් 214කට ව්‍යාප්ත වෙයි

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉකුත් 15 වැනිදා වනවිට රටවල් 214කට ව්‍යාප්ත වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

පසුගිය වසරේදී ව්‍යාප්ත වීමට පටන් ගත් වයිරසය ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් මෙන්ම ගෝලීය ආර්ථික අර්බුදයක් ද නිර්මාණය කර ඇත.

ලෝක ආර්ථිකය මේ වනවිට දරුණු කඩාවැටීමකට ලක්ව ඇත. ගෝලීය ආර්ථිකය 1930 වසරේදී මහ ආර්ථික අවපාතයකට මුහුණ දුන්නේය. ලෝක ආර්ථිකය 1930 වසරෙන් පසු මුහුණ දෙන දරුණුම වසර ලෙස මෙම වසර ඉතිහාසයට එක්වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිටත් අනතුරු අඟවා ඇත.

මේ වසරේදී ගෝලීය ආර්ථිකය සියයට 3කින් පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ නවතම පුරෝකථනයෙන් පෙන්වා දී ඇත. එය 2009 වසරේදී ඇති වූ ලෝක ආර්ථික අර්බුදය එසේත් නැතිනම් මහා ආර්ථික පසුබැසීමට වඩා දරුණු වනු ඇතැයි ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වාදෙයි. 2009 වසරේදී ඇති වූ මහ ආර්ථික පසුබැසීමේදී ගෝලීය ආර්ථිකය සියයට 0.1කින් පහත වැටිණි. ලබන වසරේදී, එනම් 2021 දී ලෝක ආර්ථිකය සියයට 5.8කින් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළද ලබන වසරේදී ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇතැයි ද එම අරමුදල පෙන්වාදෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 11 වැනිදා ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් යැයි ප්‍රකාශයට පත් කළේය.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මහජන සෞඛ්‍යයට සහ ලොවපුරා ආර්ථික වර්ධනයට තර්ජනයක් වෙමින් නැඟි සිටීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉකුත් ජනවාරි මාසයේදී මේ වසරේ ආර්ථික පුරෝකථන ඉදිරිපත් කළේය. ඒ අනුව මේ වසරේදී ගෝලීය ආර්ථිකය සියයට 3.3කින් වර්ධනය වනු ඇතැයි එම අරමුදල පුරෝකථනය කළේය.

එහෙත් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ව්‍යාපාර වසා දැමීම, සමාජ දුරස්ථභාවය, ඇඳිරි නීතිය, රටම වසා දැමීමේ ලොක්ඩවුන් සීමා මෙන්ම සංචාරක හා ගමන් සීමා හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම්වලට දරුණු පහරක් එල්ල විය. ඒ හේතුවෙන් සියලු ආර්ථික කටයුතු ඇණහිට ඇත. ලොවපුරා ආර්ථික කටයුතු රැසක් එකතැන නැවතී ඇත.

ගෝලීය ණයදෙන ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වසරකට දෙවතාවක් ආර්ථික පුරෝකථන ඉදිරිපත් කරයි. එහි සහෝදර ආයතනය වන ලෝක බැංකුව ද ඒ අයුරින් ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් පුරෝකථන සහ අනාවැකි පළ කරයි.
 
වසරකට දෙවතාවකදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙත් ලෝක බැංකුවෙත් සාකච්ඡා පැවැත්වේ. මෙම සාකච්ඡාවලට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අධිපතිවරු, අධ්‍යක්ෂවරු මෙන්ම ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් 20 මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරු ද සහභාගී වෙති. ඊට අමතරව තවත් නිරීක්ෂක රටවල මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතිවරු ද ඊට එක්වෙති.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ පළමු වාර්ෂික රැස්වීම විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සූදානම් කර ඇත. එය අප්‍රේල් 17 වැනිදා ආරම්භ වීමට නියමිතය.

මේ වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය සියයට 5.9කින් ද, ‘යූරෝ’ මුදල් ඒකකය භාවිත කරන යුරෝපා රටවල් 19ක ආර්ථිකයන් සියයට 7.5කින් ද, ජපානයේ ආර්ථිකය සියයට 5.2කින් ද එක්සත් රාජධානියේ ආර්ථිකය සියයට 6.5කින් ද පහත වැටෙනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත. වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ ආර්ථික වර්ධන වේගය සියයට 1.2කින් පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙයි. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුලින්ම ලොක්ඩවුන් සීමා පැනවූයේ ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනයයි. අනෙකුත් සියලු රටවලට පෙර චීනය සිය ආර්ථික කටයුතු ආරම්භ කරමින් රට විවෘත කරනු ඇතැයි පැවසේ.

මේ වසරේදී ලොවපුරා වෙළෙඳාම සියයට 11කින් පහත වැටෙනු ඇතැයි ද 2021 වසරේදී ගෝලීය වෙළෙඳාම සියයට8.4කින් වර්ධනය වනු ඇතැයි ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල තවදුරටත් පෙන්වාදෙයි.

 

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි

055

 



අදහස් (1)

කොරෝනා ලොව පුරා රටවල් 214කට ව්‍යාප්ත වෙයි

ජනිත් Saturday, 18 April 2020 12:18 AM

ලෝකයේ කොහෙද රටවල් 214 ක්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site