එෆ්.අස්ලම්
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පමණක් නොව ලෝ පුරා මැතිවරණ 30ක ප්‍රමාණයක් කල්ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අවධාරණය කරයි.
මැතිවරණය කල්දමා ඇති පසුබිමක නාම යෝජනා පත්‍රවල නම් සදහන් බොහෝ අපේක්ෂකයි මෙම සංවේදී කාල සමයද දේශපාලන වාසියට හරවා ගනිමින් ප්‍රචාරක කාර්යන්හි නිරතවන බව දිගින් දිගටම නිරීක්ෂණය වන බවද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමේදී මැතිවරණ කොමිෂන් සභාව සතුව පවත්නා සීමාකම් කෙරෙහි ද අප ප්‍රමාණවත් අවබෝධයකින් පසුවන බවද එම සංවිධාන සදහන් කර සිටීයි.
ශ්‍රීලංකාවේ ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හතක් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව අවධාරණය කර ඇති අතර ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පවතින තත්වය හමුවේ කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණය කෙරෙහිද එම සංවිධාන ප්‍රසාදය පලකර සිටීයි.
පැෆරල් සංවිධානය,මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය, ට්‍රාන්ස්පෙරන්සි ජාත්‍යන්තර ආයතනය,සාධාරණ මැතිවරණයක් සදහා වූ ව්‍යාපාරය(කැෆේ)ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය,නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය,ලක්බිමේ මව්වරු සහ දියණියෝ යන සංවිධාන ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් වශයෙන් මෙම නිවේදනය නිකුත් කෙරිනි.
එම නිවේදනයේ මෙසේද සදහන් වේ.
එළඹෙන අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහා මැතිවරණය, මැතිවරණ කොමිෂන් සභාව මගින් තම බලතල ප්‍රකාරව කල්දමා ඇති පසුබිමක, ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවත්නා තියුණු සමාජ කථිකාව කෙරෙහි මෙරටේ සියලු ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තම බලවත් අවධානය හා සැලකිල්ල යොමුකරමින් සිටී.ඒ හා සමඟ විපත්තිදායක වාතාවරණයක නිරායාසයෙන් ගතහැකි ආසන්නතම හා සුදුසුම පියවර වූ, මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ලද ක්‍ෂණික පියවර ද අපගේ නිසි ඇගයීමට ලක්වන අතර කොවිඩ් -19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවමින් සිදුවිය හැකිව තිබූ බලවත් හානියක් වැලැක්වීමෙහිලා ගත් කාලීන පියවර උදෙසා ගරු ජනාධිපතිවරයා ද අපගේ ප්‍රශංසාවට ලක්වන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනවල සිදු කල සහල් වැටලීම් වලදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳුන් 100 දෙනෙකු පමණ නීතියේ රැහැනට හසුකර ගෙන ඔවුන්ට එ
නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් පිරිසක් රට අතහැර ගොස් ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයේදී අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්විසින් අත්අඩංගුවට ග
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල
රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා මත්පෙති ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය තොගයක් , වායු පිස්තෝල , තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයකු ගල්කිස්ස විමල
වතුකරයේ ජනතාව හැදුන්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ වතු යන නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොරෝනා ලොවපුරා මැතිවරණ 30 ක් කල් දමයි
අමරේ Sunday, 19 April 2020 05:29 PM
මේ ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳවයි. මිත්‍යා දෘෂ්ටික දේශපාලුවන් කිහිප දෙනෙකුගේ සට්ටඹි යන්ත්‍ර මන්තර කාරයන් කිහිපදෙනෙකුගේ අවවාද පිළිගෙන ඉතාම කඩිනමින් මහා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය බලෙන් ඇතිකරමින් පවතිනවා. මේ අවස්ථාවේ ඇඳිරිනීති වේලාවන් වෙනස් කිරීම මේ උපක්‍රමවල පළමු වැන්නයි. දියුණු රටවල බුද්ධිමත් පාලකයින් තම චන්දයට වඩා තම ජනතාව ඉහලින් සලකන අතර අපේ රටේ ගෝත්‍රික හොර තක්කඩි රැල ජනතාවට හෙනගැහුවත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි අපි චන්දය තියලා දිනමු.." යන මතයේ සිටින බව කවුරුත් තේරුම්ගෙන සිටීම හොඳ දෙයකි. ඒ නිසා මේ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටින මිත්‍යා දෘෂ්ටික, කට්ට, කයිරාටික දේශපාලුවන්ටයි... හෙට සිට ඇඳිරිනීති වේලාවන් ප්‍රදේශ වෙනස් කොට...අවසානයේදී කොරෝනා අසාදිතයින්ගේ ප්‍රමාණය, මරණ ප්‍රමාණය ඉහල ගියහොත් .. ඒ සියල්ලටම තොපි වරද කරුවෝය. මැරෙන හැම ජිවිතයක් වෙනුවෙන්ම මේ මිත්‍යා දෘෂ්ටිකයින් වගකිව යුතුවේ. අපි මේ පිළිබඳව ජාත්‍යන්තරයටත් ගෙනයනවා. මේ පිස්සෝ හදන්නේ හදිස්සියේ චන්දය තියලා... දිනලා ජනතාවට මිලිටරි බලය පෑමටයි. මන්ද රට ගෙනියන්න රටේ මුදල් නැතිනිසා. රටේ මුදල් සියල්ල මුන් යටිමඩි ගසාගත්බව මේ රටේ කවුරුත් දනී.
ravinMonday, 20 April 2020 12:16 AM
අමරේ සම්පුර්ණ ඇත්තම කතාව. කොහොමත් ගම්කබරයින්ගේ ආණ්ඩුව බලයට පත්වෙන්නේ නැහැ. ගියපාර සුනාමිය හොරා කාපුහැටි මිනිස්සුන්ට අමතක නැහැ.ජනතා විමුක්ති පෙරමුණට තව ආසන කිහිපයක් එකතුවේවි.
athuraMonday, 20 April 2020 03:54 AM
සහතික ඇත්ත කතාව මහත්මය. බලන්න මේ ලංකාදීප තීරුවේ ආණ්ඩුවට පක්ෂව අදහස් පලකරන කිසි කෙනෙක් මේ දේ ගැන කිසිම සද්දයක් නැහැ. ඇත්තටම වහල්ලු.
සමරේ Monday, 20 April 2020 05:56 AM
කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුව මගහැර විදේශ ගතවී(USA) නැවත ලංකාවට පැමිණ මැතිවරණ කොමිසමේ නිළයක් දරන්නේ කෙසේද ?
lalithm Sunday, 19 April 2020 07:44 PM
මිත්‍යාදෘෂ්ටික කට්ටයින් කියන්නේ කාටද? ජනපතිවරණය දිනා දුන්නේ වැඩිකොටම බොදු පුජ්‍ය පක්ෂයේ අනුග්‍රහයෙන්. අගමැති තුමා ඇතුළු කැබිනෙට්ටුවට බැතිබර අන්දමින් අනුග්‍රහයත් වැඩිපුරම ස්වාමින්වහන්සේලාගේ?ඔබ කොහොමද මිත්‍යාදෘෂ්ටික තක්කඩින් ගැන කතා කරන්නේ? ඔබට වැරදීමක්?
buddhikaMonday, 20 April 2020 12:05 AM
ඔව් ඔබ තොප්පිය දැන්මම දමා ගෙනනේ.
sumathipalaMonday, 20 April 2020 12:12 AM
ලංකාවේ නියම බෞද්ධ ස්වාමින්වහන්සේලා සිටින්නේ අතළොස්සක් පමණයි.එතුමන්ලා දේශපාලුවන්ට කඩේ යන්නේ නැහැ. දුෂිත දේශපාලුවන්ට කඩේගිය හාමුදුරු කට්ටියට කියන්නේ පුජකයින් කියලා. ඒ අයගේ ජොබ් එක තමයි රජපක්ෂලාට කඩේ යන එක.ලැජ්ජයි. වාසනාවකට අපේ ගමේ පන්සලේ ස්වාමින්වහන්සේනම් කිසිම දේශපාලුවෙක් ගැන කතාකරනවටවත් අකමැතියි. අපේ ගමේ එහෙම ඔය කියන කහකඩ පුජකයින් හිටියානම් උතුම්වූ චීවරය ගලවනවා.
sunandaMonday, 20 April 2020 12:19 AM
ඔබ වැනි මිත්‍යාදෘෂ්ටික ගෝත්‍රිකයින් සිටින තාක්කල් අපේ රට මෙහෙම්මම තමයි. අද බංගලිදේශයේ ආර්ථිකය ලෝකයේ 32 වෙනි ආර්ථිකය වෙද්දී අපි ලෝකයේ 67 වෙනියා. සුනාමියා අපේ රට චිනාට විකුණුවා. දැන් සතුටුදා....? ලොකුලුනු තියෙනවාද....?
නාථ දෙයියෝ කිවුවේMonday, 20 April 2020 01:22 AM
රට රකින්න කියලා ආපු දේශප්‍රේමීන් එහෙම කරනවද? එන්න දීලා ඊට පස්සේ කොච්චර දක්ෂ ලෙස සතුරාව හබාගෙන ගිහින් මර්දනය කරනවද ? දැන් සතුරා නැත්තටම නැති උනොත් මං මොනවා එක්කද සටන් කරන්නේ ? ඔයාලා කියන්නේ කඩා වැටුණු ආර්ථිකය, පැතිරුණු අනේක විද ප්‍රශ්න මතු උනොත් කිව්වා වගේ කොරන්න විද්‍යාත්මක ක්‍රමවේදයන් මන් දන්නවා කියලද. බලන්න මන් පුතානෝට වැඩ හොදට නිකන් නොමිලේ බෙදා දෙනවා කියල රුපවාහිනී වල කියන්නේ නැද්ද?. මට කාටත් වැඩ හොදට රටේ සල්ලි බෙදලා දෙත හැකියි හරිද ?
ranaMonday, 20 April 2020 03:53 AM
දැන් ඔය ඈයෝට ගිලපු බොරු වමාරන්න බැරිව ඉන්නේ .
athuraMonday, 20 April 2020 03:55 AM
කියන්න ඕන ටික ව්‍යංගයෙන් නියමෙට දීල තියනවා.
ranjith Monday, 20 April 2020 12:30 AM
ගන්න ඕනෙම තීන්දුවක් මේ ව්‍යසනය දුරු කරගන්න උදව් වුනේ නැතිනම් රට තවත් ප්‍රපාතයට යනවා
de silva Monday, 20 April 2020 02:09 AM
මැකෝ කිව්වේ රට සාමාන්‍ය තත්වයට පත්වෙලා සති 5 කින් මැතිවරණෙ තියන්න පුළුවන් කියලා... රට සාමාන්‍ය තත්වයට පත්වෙනවා කියන්නේ සතියකට හමුවන කොරෝනා රෝගීන් ගණන (කොරන්ටයින් එකේ ඇතුළු සියලුම රෝගීන් ) 2-3 සිමා වෙලා , ගුවන්තොටුපළවල්, වරායවල් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වෙලා , පිටරටවල අතරමන් වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් 55000න් , 30000 වත් ලංකාවට ගෙන්වාගෙන (මොවුන් ශ්‍රී ලාංකික චන්ද දායකයන් ලංකාවට ඒමට කැමැත්තෙන් සිටින ඔවුන්ව චන්දෙ දවසට පිටරටක හෝ නිරෝධන මධ්‍යස්ථානයක සිරවී සිටීමෙන් ඔවුන්ගේ චන්දය දැමීමට ඇති මුලික ඓතිවාසිකම් උල්ලංගනය වේ) , අපට පොදු ප්‍රවහන් සේවා භාවිත කර දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට යන්න පුළුවන් වෙන්න ඕනේ. මුඛවාඩම් වලින් තොරව එළියට බැහැලා යන්න පුළුවන් වෙන්න ඕනේ. , මෙම තත්වය ඇතිවෙන කොට ලබන මාසේ අන්තිම වෙන්න පුළුවන්.එතනින් සති 5 ගණන් කරනකොට අගෝස්තු මුල හෝ මැද චන්දෙ තියන්න පුළුවන්.
mahe Monday, 20 April 2020 05:10 AM
එහෙම කොහොමෙයි, එතකොට කොහොමද පුතාට හෙටක් හදන්නේ? 220 ගානක් අනාතවෙනවානේ.රට වගේද එගොල්ලෝ?
marasinha Monday, 20 April 2020 07:52 AM
ආ....අර මෝඩ හොර පෙරකදොරුවද....?මිනිහට හෙටක් නැහැ. නැතිව මගදී අහුවුනොත් ගුටිකාලා මැරෙනවා.