IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කොරෝනා මාරයාගේ නරකම දවස අප්‍රේල් 1

කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයඑක්සත් රාජධානිය සහ ස්පාඤ්ඤය රටවලින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ඊයේ (1) වාර්තා විය.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිකුත් කළ නවතම දත්තවලට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් බදාදා දිනයේදී පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මරණ ගණන 884කි. 
 
අද (2) පස්වරුව වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවූ අතර එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 216,000 ඉක්මවා ගියේය.
 
කොරෝනා වයිරසය හේතුවෙන් ඊයේ (1) පමණක් එක්සත් රාජධානියෙන් වාර්තා වූ සමස්ත මරණ ගණන 563ක් විය. අද (1) පස්වරු 2.30 වනවිට එරටින් වාර්තා වූ සමස්ත මරණ ගණන 2,357ක් දක්වා ඉහළ ගිය අතර එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 29,865ක් විය. 
 
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසයෙන් දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයට වන අතර කොරෝනා වයිරසය නිසා බදාදා දිනය තුළ එරට සිදු වූ මරණ ගණන 864ක් විය. 
 
කොරෝනා වයිරසය නිසා දිනක් තුළ ස්පාඤ්ඤයෙන් වාර්තා වූ වැඩිම මරණ ගණන එය විය.

කොරෝනා වයිරසය නිසා ස්පාඤ්ඤයෙන් වාර්තා සමස්ත මරණ ගණන අද පස්වරු 2.30වනවිට 9,387ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 104,118ක් ලෙස දැක්විණි.
 
කෝවිඩ්-19 ලෙස නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද පස්වරු 2.30 වනවිට ලොවපුරා 47,287 දෙනකුට ජීවිත අහිමි වී තිබිණි. ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන 939,436ක් විය. 
 
කොරෝනා වයිරසය ආසාදනය වූ 195,081ක් අද වනවිට සුවය ලබා තිබිණි.
 
.එෆ්.පී./රොයිටර්ස්
 
055
 



අදහස් (1)

කොරෝනා මාරයාගේ නරකම දවස අප්‍රේල් 1

w,l.leelananda Thursday, 02 April 2020 12:04 PM

පළමු රෝගියාගේ වාර්තාවෙදීම ගුවන් තොටුපළවල් වසාදැමිය යුතුයි. නමුත් දැන් අපට කළ හැති දෙයක් නැත. අපිට තිබෙන්නේ බලාසිටීම පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 348 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site