IMG-LOGO

කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය’ අහෝසි කිරීමට ඇමෙරිකාව තීරණය කරයි

නව කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා ස්ථාපිත කළ කොරෝනා මර්දන කාර්ය සාධක බලකායඅහෝසි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් 71,000කට වැඩි පිරිසක් මියගොස් ඇත.
 
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන දොළොස් ලක්ෂයකට වැඩිය.
 
ඇමෙරිකානු ආර්ථිකය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට වැඩි අවධානයක් යොමු කර ඇත.
 
කෙසේ වෙතත් කාර්යසාධක වැඩි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනකු වන ඇන්තනි ෆවුචි සහ ඩෙබෝරා බර්ක්ස් තවදුරටත් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ උපදේශකයන් වශයෙන් කටයුතු කරනු ඇත.
 
‘‘අපිට ඊළඟ අවුරුදු පහ මේ රට වහලා තියන්න බැහැ’’ මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේය.
 
මේ අවස්ථාවේදී කාර්ය සාධක බලකාය අහෝසි කිරීම සුදුසු දැයි එම මාධ්‍යවේදීය ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් විමසීය.
 
‘‘කාර්යසාධක බලකාය විශිෂ්ට කාර්යභාරයක් කළා. එහෙත් අපි දැන් අවධානය යොමු කරන්නේ ආරක්ෂාව සහ විවෘත කිරීමට’’ යැයි ජනාධිපතිවරයා කීය.

ඔහු මෙම අදහස් පළ කළේ පෞද්ගලික ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් නිරීක්ෂණය කරමිනි. ජනාධිපතිවරයා එහි සංචාරය කර තිබුණේ මුඛ ආවරණ නොමැතිවය.

අල්ජසීරා

ඡායාරූප – .එෆ්.පී.
 
055



අදහස් (10)

කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය’ අහෝසි කිරීමට ඇමෙරිකාව තීරණය කරයි

Trump Wednesday, 06 May 2020 01:13 PM

ඇමරිකාවත් අරිනවනෙ.. අපිත් ඇරල කතිරෙ ගහල එයාලට සැපෙන් ඉන්න හදල දෙමු..

:       100       248

ගැමුණු Wednesday, 06 May 2020 03:28 PM

කොරෝනා මර්දනයට අමෙරිකාවෙන් ලංකාවට ලබා දී ඇති මුදල් සම්බන්දව රජය කිසිවක් නොකියන්නේ මන්ද ? ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් ලබා දී ඇති බව තානාපති අංශ සදහන් කර ඇත. මිලියන ගණනක් ලබාදීමට සැලසුම් කලත් එම මුදල් ලබාදීමට හැකියාවක් නොමැත්තේ පාර්ලිමේන්තුව වසා සිටින නිසා වන්නට ඇත. විදේශ රටවලින් ලංකාවට ඩොලර්, යූරෝ, සහ යෙන් ලබාදීමට කටයුතු කරන බව සහ ගිවිසුම් අත්සන් කල බව රජයේ ඇමතිවරු මාධ්‍ය මගින් පුන පුන කිවේය. නමුත් රජයට විදේශ රටවලින් මුදල් ලබාදීමට පොරොන්දු උවත් එම මුදල් රජයේ වගකිව යුත්තන්ට ලබාදීමට මැලිකමක් දක්වන බවක් පෙනේ. එයට හේතුව වන්නට ඇත්තේ 2004 සුනාමියට ලැබුණු මුදල් මෙන් මේ මුදල් මැතිවරණ සදහා යොදවා ගැනීමට ඇති හැකියාව නිසා වන්නට ඇත.

:       261       386

de silva Wednesday, 06 May 2020 03:28 PM

ලංකාවේ කාර්යසාධක බලකායේ ලොක්කත් ඇමරිකන් පුරවැසියෙක්, ඇමරිකාවේ ඒක වැහුවට ලංකාවේ නම් ඒක වහන්නේ අඩුම තරමේ ඩොලර් කෝටි 400-500 වත් ගරාගෙන...

:       253       458

Ajantha Thursday, 07 May 2020 01:40 AM

නඩුවක් දාන්නකෝ අපේ ජනාධිපති ඇමෙරිකන් කියලා. තව සැරයක් දැනගන්න පුළුවන්. හැමදේම තමන්ගේ පක්ෂේ,පාට අනූව බලන්න එපා. පව් ඔයාලා වගේ අය.

:       25       28

Kumara Wednesday, 06 May 2020 03:50 PM

එම කාර්ය මණ්ඩලය මේ වසංගත පවතින තෙක් පවත්වාගෙන යන බව සුළුමොහොතකට කලින් නිවේදනය කලා.

:       0       76

Prasad Wednesday, 06 May 2020 04:07 PM

ට‍්‍රම්ප් මහත්තයෝ එතකොට ඔබතුමා ගේ සහෝදරයාගේ රක්ෂාව කුමක්ද?

:       0       23

හෆීස් Wednesday, 06 May 2020 06:59 PM

ලගදිම කෙනඩිගේ උරුමය ලැබෙයි කියලයි මටනං හිතෙන්නෙ..

:       1       7

රවින් Wednesday, 06 May 2020 07:09 PM

මෙයාගේ පිස්සුව හොඳටම තද වෙලා. ආ !! දැන්නේ මතක් උනේ ! පෝය කිට්ටු වෙනකොට පිස්සන්ගේ පිස්සුව වැඩිවෙනවා කියලා පුංචි කාලෙනම් අහලා තිබුනා වගේ මතකයකුත් තියනවා. ඇත්ත වෙන්නැති නේද?

:       3       9

de silva Thursday, 07 May 2020 02:07 AM

ට්‍රම්ප් මහත්තයෝ ඔය කාර්ය සාධක බලකාය කරගෙන යන්න ඔබතුමාගේ සහෝදරයෙකුට , මස්සිනකෙනෙකුට හෝ දියණිය වන ඉවංකා ට්‍රම්පට හෝ බෑනා වන ජෙරාඩ් කුශ්නර්ට දුන්නොත් නරකද ? ඒගොල්ල හොඳ හොයල බලල තමන්ගේ වියාපාරයක් වගේ ඕක කරලා දෙවි . අනිත් එක ඔවුනුත් ඇමරිකන් පුරවැසියන් නිසා වැඩේ හොඳින් සිදුවේවි , ඕව කරන්න පුළුවන් ඇමරිකන් පුරවැසියන්ට පමණි.

:       0       21

Aris Thursday, 07 May 2020 09:02 AM

වැඩබැරි බලකායක් මොකටද කියලා එතුමට සිතෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 757 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1175 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site