කොරෝනා වෛරසයේ බලපෑමෙන් පීඩාවට පත්ව සිටින යුරෝපා රටවල් ඉන් මුදාගැනීමට යුරෝ බිලියන 500 ක පැකේජයක් ලබාදීමට යුරෝපා මුදල් අමාත්‍යවරු එකගවෙති.
යුරෝ සමූහයේ සභාපති මාරියෝ සෙන්ටෙනෝ බ්‍රසල්ස්හිදී පැවති සාකච්ඡාවලින් පසු මේ පිළිබඳ අනාවරණ කළේය.
කොරෝනා වෛරසය දැඩි ලෙස පැතිරීම වැළැක්වීමට රට වසා දමන බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් පසු මෙම තීරණය ප්‍රකාශයට පත්විය.
යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හදුනාගෙන ඇති රට ස්පාඤ්ඤයයි.
එරටින් මේ වන විට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 152,446 වන අතර සිදුවී ඇති පුද්ගලයින් 15,000 වැඩි පිරිසක් මරණයට පත්වී සිටිති.
1930 දශකයෙන් පසු ලෝකය මුහුණ දෙන ප්‍රබලම ආර්ථික අර්බුදයට ලෝකය මුහුණ දෙමින් ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල අනතුරු ඇඟවීය.
එහි ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝජීවා පැවසුවේ කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ලෝක අර්ථික වර්ධනය මෙම වසරේ තියුණු සෘණාත්මක තත්ත්වයක් පෙන්නුම් කරනු ඇති බවයි.
මුදාගැනීමේ සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස යුරෝපා ස්ථාවරත්ව යාන්ත්‍රණය හෙවත් ඇපදීමේ අරමුදල මගින් යුරෝ බිලියන 240 ක මුදලක් ලබා දෙනු ලැබේ.
මීට අමතරව ජාතික කෙටිකාලීන වැඩ යෝජනා ක්‍රම සඳහා යුරෝපා කොමිසමේ ව්‍යාපෘතියකට සහ යුරෝපා ආයෝජන බැංකුවෙන් යුරෝ බිලියන 200 ක ඇපකරයක් සඳහා ද යුරෝපා ඇමතිවරු එකඟවූහ.
(බීබීසී ඇසුරෙනි)
-226-
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කොරෝනා බලපෑමෙන් මිදෙන්න යුරෝ බිලියන 500 ක සහන මල්ලක්
Rata Perata Friday, 10 April 2020 07:06 AM
මේ සල්ලි වලටත් 'හෙල්පින් හම්බන්තොට' සරණයි. ඔක්කොම කරන්නේ පවුල නේ.
shanika Friday, 10 April 2020 07:58 AM
අනේ අදහස් දාන්න කලින් ලියල තියෙන දේ කියවල බලන්න. මේකේ කියලා තියෙන්නේ මේ සල්ලි ලැබෙන්නේ ලංකාවට නෙමේ යුරෝපා රටවලට කියලා.
anura Friday, 10 April 2020 08:10 AM
අමු කැවීලද? යුරෝපයේ ඇති හම්බන්තොටක් නැහැ. ප්‍රවෘතියක් වත් හරියට කියවන්න ඉගෙන ගන්න.
කරුණාජීව Friday, 10 April 2020 08:55 AM
නම කියවද්දී තේරෙනවා වටහා ගැනීමේ ප්‍රමාණය...ප්‍රවෘත්තිය නිවැරදිව කියවන්න. ඉන් පසු වටහා ගෙන අවසානයේ අදහස් ප්‍රකාශ කරන්න...
මාරසිoහ Friday, 10 April 2020 09:15 AM
3% පක්ෂයට අයිති කෙනෙක් වෙන්න මුලින්ම අදහස් දක්වලා තියෙන්නෙ. කුමක් උවත් ඔවුන්ට මතක් වෙන්නෙ හම්බන්තොට.