(විනීතා එම් ගමගේ)
වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වයිරසය මැඩ පැවැත්වීමට පවතින නීති ප්‍රතිපදාන කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
බෝවන රෝග මැඩපැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය යොදා ගන්නේ 1897 වසරේ මහාමාරිය මැඩ පැවැත්වීමට පැනවූ රෝග නිරෝධායන හා රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීම් හා රෝග බෝවීම වැළැක්වීමේ පනත බවත් එහි ප්‍රතිපදාන මෙවැනි වසංගතයක් මැඩපැවැත්වීමේ දී කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් සභාපතිවරයා කීය.
එකී පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව වසංගත පාලනයට අවශ්‍ය නීති සම්පාදනයට සෞඛ්‍ය අමාත්‍යවරයාට බලතල පවරා ඇතැයි පෙන්වා දුන් උපුල් රෝහණ මහතා වහාම මේ අවස්ථාවේ එම වගකීම ඉටුකරමින් අමාත්‍යවරිය නීති හැදිය යුතු බවත් මේ පිළිබඳව ඇය නොදන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති නිලධාරින් විසින් ඇයව දැනුවත් කිරීම කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
මෙවැනි වසංගතයක් පාලනය සඳහා නීති සකසා ගන්නට කිසිදු පාලනයකට බැරි වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
විශේෂයෙන් පවතින පනත යටතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු අත්‍යවශ්‍ය ආයතන රැසකට ඍජු බලතල නැතැයි පෙන්වා දුන් උපුල් රෝහණ මහතා නව නීති සකසමින් අත්‍යවශය අංශවලට බලතල ලබා දීමට කටයුතු කළ යුතු යැයි ද කියා සිටියේය.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (17) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය අනපනත් වැඩක් නැහැ... ඇති හෝ නැති කුමන හෝ ක්‍රමයකින් අපි සියල්ලෝ එක්ව මෙය පාලනය කළයුත්තකි. මා අදහස් දක්වන්නේ හොංකොං වල ජීවත්වෙමින්... මෙම රජය මෙම වෛරසය පාලනය කිරිමට වෙහෙස මම දුටුවෙමි, අත්වින්දෙමි. අපි සියල්ලන් එක්ව දැන් මෙම උවදුරෙහි බැරෑරැම් කම තේරුම් ගනිමින් ස්වයං ශික්ෂණයකට ලක්විය යුතුයි. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ගේ වැරදි පිළිවෙත මුලු රටටම අනතුරට පත්ව ඇති තත්වය ඉතා ශෝකජනකය. මාගේ කාරුණික ඉල්ලීම විදේශගතව ඇති කිසිඳු පුද්ගලයකු මේ අවස්ථාවේ යලි ලංකාව බලා ගමන් කිරීම නතරකොට, තම තමන් ජීවත්වන ස්ථානයන්හි සිටිමින් ස්වකීය ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙස ඉල්ලා සිටිමි. ඇත්තටම මේක මරණය පිළිබඳව සටනක් මේ වුවදුර ආරම්භයේ පටන් දැක්ක, අත්වින්ද මිනිසෙක් කියන කතාවක්, දෙයියන්ගේ නාමයෙන් ඉල්ලන්නේ අසනීපය වැළඳී ඇති යමෙක් වෙතොත් වෛද්‍ය උපදෙස් පතන්න. මගේ රට හා මගේ රට වැසියන් ආරක්ෂා වේවා. බුදු සරණයි...
රට ආරක්ෂාවට ඉතාම ඉක්මණින් අවශ්‍ය නීති වෙනස් කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමක් ඒ සදහා තටම තටම ඉඳලා හරියන්නේ නැත. අප රටේ " අනාගත අභිවෘද්ධිය සඳහා කිසිදිනක නොකළයුතු දෙයක් "වන නියෝජිත ප්‍රතිශතය යස අගේට ප්‍රේමදාස මැද කොළඹ අයගේ ඡන්ද ගොඩ බලාගෙන පැය කීපයකින් වෙනස් කළේ එමගින් සදහටම අපේ රටේ ගැටළුවක් තිබෙන බව වැඩිදෙනෙකුට දැන් අමතක වෙලා. එබැවින් රටේ ආරක්ෂාව අවධානමකට ලක්වෙන එවැනි තීරණ ගත් හරකුන් ඉන්න රටක ඇත්තටම රටට දැනට අවශ්‍යම දෙයක් සඳහා තීරණයක් ගැනීමට නොහැකි වන්නේ මන්ද? රටේ මුල් පුරවැසියාට වෙනසකින් තොරව මෙම අදහස් ඍජුවම කියවීමට හැකි වේවා...!!!
මේ ගොල්ලන්ට 2/3 නැතුව මොනම දෙයක්වත් කරන්න බැ කියලා තමයි ඔය කියන්නේ? අනේ මෙහෙම බැරි බැරියාවෙන් පෙළෙන ආණ්ඩුවක් මම දැක්කමයි...
මේ නම් සජිත්ගේ කෙනෙක් වෙන්න ඕනෑ...