(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනයාට ආධාර ලබාදෙන ඇතැම් දේශපාලනඥයින්, එම ආධාර දීම් ඡායාරූප ගතකරමින් ජනමාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම යෝග්‍ය නොවන බවද, එලෙස කටයුතු නොකරන ලෙසද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද(04) ඉල්ලීමක් කළේය.
කොරෝනා ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී තම දේශපාලන ප්‍රචාරයන් ලබාගැනීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී.
කොරෝනා වසංගතය පරාජය කිරීමට සටන් කරන මොහොතක එවැනි ලාභ ප්‍රචාරණ කටයුතු නොකරන ලෙසද, මෙම අවස්ථාවේදී වාද භේදවලින් තොරව ක්‍රියාකරන ලෙසටද, ඔහු ඉල්ලා සිටී.
කෙසේවෙතත් මෙම තත්වයේදී ආගමික නායකයන්, ව්‍යාපාරික ප්‍රජාව, සමාජ සේවයකයන් හා දානපතීන්ගේ දායකත්වය අගය කරන බවද ඔහු නිවේදනයේ සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනයාට ආධාර ලබාදෙන ඇතැම් දේශපාලනඥයින්, එම ආධාර දීම් ඡායාරූපගත කරමින් ජනමාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම ඉතාම නින්දිත , පහත් අපතයන් විසින් කරනු ලබන අපතයන්ගේ ක්‍රියාවකි. ලංකාවේ වියාපරිකයන්, ලාංකිකයන් සහ විදේශීය පරිත්‍යාගශීලීන් චොවිඩ් - 19 මර්දනයට ලබාදෙන්නාවූ සියලු පරිත්‍යාග මුදල් හෝ භාණ්ඩ නිසි ප‍්‍රයෝජනය සදහා රෝහල්වෙත හෝ සුදුසුම ආයතන වෙතම ලබා දීමට කටයුතු කරන්න. "කිසිවිටෙක දේශපාලකයන්" වෙත විශේෂයෙන් මුදල් පරිත්‍යාග ලබා නොදෙන එසේ නොමති උවහොත් සුනාමියට ලැබුණු මුදල් පරිත්‍යාග මෙන් දේශපාලකයාගේ බැංකුවල සියලු පරිත්‍යාග තැන්පත් කරගනු ඇත. පසුව මැතිවරණ සදහා යොදවා ගන්නවා ඇත. මීට පෙර සිදුවූ එවැනි උදාහරණ ඕනෑතරම් තිබේ අවසානයේ උසාවියෙන් පවා එවැනි නින්දිත අමනුශීය ක්‍රියාවන් සාධනීය කල අවස්ථවන් ඔබ අසා ඇත,
දේශපාලුවෝ කරන කියන දේවල් දාලා උන්ව පුම්බන්ඩ හදන එක උන්ට කඩේ යන හැටියක් ? දේසපාලුවොත් ආධාර කරන හැටි පෙන්වන්න හදන්නේ හරියට උන්ගේ අතින් මිටින්... දෙනවා වගේ? අපිට මතක් වෙනවා සුනාමි ආධාර ගිලපු හැටි...