(හේමලතා ඩී හේවගේ)                                        

මැතිවරණය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය තමයි  ජනතාවගේ සෞඛ්‍ය තත්වය .කොරෝනා වසන්ගතය නිසා ජනතාව බියකින් ඉන්නේ. ඒවගේ අවස්ථාවක මැතිවරණයක් තියලා කොහොමද ජනතාව දැනුවත් කරන්නේ ‘යැයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
ඒ මහතා මෙසේ පැවසූවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන 125 ක් සඳහා විෂබීජ හරන දියර ලබාදීමේ වැඩසටහනේ ප්‍රථම අධියර පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.
 
එහිදී හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය    
                   
‘ අපි කියන්නේ සමස්ථ විදිහට රටේ සෞඛ්‍ය තත්වය සුරක්ෂිත කරලා. ජනතාවට බයක්,  සැකක්,  නැතුව එළියට බැහැලා වැඩක් කරන්න පුඵවන් තත්වයකට ජනජීවිතය පත්වුනාට පස්සේ මැතිවරණයක් පැවැත්වූවාට අපේ විරෝධතාවයක් නැහැ.

හදිසි මැතිවරණයක්  තුල ජනතාව විශාල පීඩනයකට පත්වෙනවා. අපි ඒකට කැමති නැහැ කියන කාරනය තමයි මෙතනදි වැදගත් වෙන්නේ.
 
 මෙහිදී පන්නල පොලිසියල  පන්නල ප්‍රාදේශී ලේකම් කාර්යාලය  සෞඛ්‍ය  වෛද්‍ය ණිළධාරී කාර්යාලය යන ආයතන වෙත විෂබීජ හරණ දියර සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සඳහා ආරක්ෂිත ඇඳුම්කට්ටල් ද පරිත්‍යාග කරනු ලැබූහ.