අනීෂා මානගේ
කොරෝනා නිසා ගෙවල් අස්සට වෙලා හැංඟිලා ඉන්න අපිට බැහැ, කොරෝනා තුළ ජීවිතය යළිත් අපි ගොඩනගන්නෙ කොහොමද කියන එක ගැන සාකච්ඡා කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද(20) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍යවේදීන් අමතමිනි.
හිටපු මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට තව වසර ගණනාවක් කොරෝනා වෛරසය මේ ලෝකය ඇතුළේ පවතිනවා. මෙයට බෙහෙතක් සොයා ගන්නකල් හෝ ඇඟ තුළම ප්‍රතිශක්තීකරණය ගොඩනැගෙනකල් මේ අභියෝගයට අපි මුහුණ දෙන්න සිදුවෙනවා.
කොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා හැංඟිලා ඉන්න බැහැ. කර්මාන්තශාලා වහල තියන්න බැහැ. ගුවන්තොටුපොළවල් වහල තියන්න බැහැ. කොරෝනා තුළ ජීවිතය යළි ගොඩනඟන්නෙ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කරන්න ඕනෑ. ජන ජීවිතය යථා තත්ත්වයට ගේන්නෙ කොහොමද, පාසල් විවෘත කරන්නෙ කොහොමද, ක්‍රීඩා පවත්වන්නේ කොහොමද කියන දේ සිතන්න ඕනෑ.
යම්තාක්දුරට තනිව කරන්න පුළුවන් ක්‍රීඩා කළ හැකි පරිසරයක් දැන් නිර්මාණය වී තිබෙනවා. ඉදිරි කාලයේදී මේ දේවල් ලිහිල් කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා නැවතත් සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනඟන්න ඕනෑ තැනට මේ රට ගෙනියන්න පුළුවන්.
මේ රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. එය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදය තමයි මැතිවරණය පැවැත්වීම. අපි විශ්වාස කරනවා වැඩිකල් යන්න කලින් මැතිවරණය පවත්වන්න පුළුවන්. ස්ථාවර ආණ්ඩුවක් නැති හැම මොහොතකම මේ රට කඩාගෙන වැටුණ එකයි පසුගිය අවුරුදු පහේ ඉතිහාසයේ අපි දැක්කේ. ශක්තිමත් පාර්ලිමේන්තුවක් මෙන්ම ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕනෑ යැයිද කීවේය.

COMMENTS
ඔය කියන්නේ ඡන්දේ තියලා අපිට බලය දෙන්න කියන එකනේ.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ නාමල් රාජපක්ෂ කියන දේ අසා රට විවෘත කරමු..
මට සාමාන්‍යයෙන් පේන්න බැරි කෙනෙක්.. නමුත් මේ කියන කතාවට එකඟයි. කොරෝනා එක්ක ජීවත් වෙන්න අකමැත්තෙන් හරි පුරුදු වෙන්න වෙනවා. ඒක වෙනදා ගත කරපු ජීවන රටාවට වඩා වෙනස් වෙන්න වෙයි. ලොක් ඩවුන් කරගෙන තව කොච්චර කල් නම් ඉන්නද අර කිව්වා වගේ...
බේබිලා මෙච්චර දවස් කොහේද හිටියේ?
මෙහෙමත් පුතෙක්...
කොරෝනාවලට මුහුණ දෙන්නද පිට්ටනි හදන්නේ? අලුත්ම ක්‍රමය... රෝහල් ඕනෙ නැහැ... අනේ නිකන් යන්න.
මෙච්චර කාලෙකට මෙයා මොනවද රටට කළේ..? බොරුව, පම්පෝරිය, කාර් රේස්, පාපන්දු, ගුටි කෙළි....නැවත පටන් ගන්නද හදන්නේ...?
ඔයාලානම් ගෙවල් අස්සටම වෙලා ඉන්න එකමයි හොඳ. ඔය කට්ටියම එලියට බහින්න හදන්නේ තම තමුන්ගේ බඩවල් පුරවාගන්න මිසක් මිනිස්සුන්ට ආදරේකටයෑ..
අපොයි හරියට වැඩ...? එයාට නම් මොකද? ලෙඩ වුණොත් අතට, පයට විශේෂඥ දොස්තරලා, හෙදියන් ඉන්නවනේ.. ඕනපදම් බලාකියාගන්න...
ඔහෙලා ඉන්නේ මාලිගාවල... යන්නේ බස් එකේ, කෝච්චියේ නෙමෙයිනේ... අපිට වෙලා තියෙන විපත කියන්න කෙනෙක් නැහැ.
මේ වගේ වෛද්‍ය විද්‍යාව, සමාජ විද්‍යාව, වසංගත විද්‍යාව ගැන හසල දැනුමක් ඇති, උගතෙක්, බුද්ධිමතෙක් සහ දීර්ඝ දේශපාලන ඉතිහාසයක් ඇති විද්වතෙක් කිව්වම නිකන්ම අහක දාන්න බැහැනේ...
ඕගොල්ලෝ ලෝකේ තියෙන තරම් හොදම මාස්ක් පාවිච්චි කරමින්, හොඳම සමබල ආහාර ගනිමින්, හොදම සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින් මන්දිරවල සිටිමින් මෙහෙම කියයි. රටේ උගත්කමක් නැති එදාවේල හොයාගන්න්න බැරි මිනිහා ජිවිතය පරදුවට තියලා ඡන්ද තියන්න සහ ඡන්ද දාන්න යයි. පුළුවන් අය බේරෙයි. බැරි අය මැරෙයි.
කරුණාකරලා ගේ අස්සටම වෙලා ඉන්න. තව අවුරුදු විස්සක්වත් යනකල් එළියට එන්න එපා. බාප්පා අපිව බලා ගනියි.
මෙච්චර කාලයක් ගොඩගහගත්ත හරිය මදියැ ඔහේට..?
ඇයි, තාත්තයි, බාප්පයි එකතුවෙලා ඔය කොරොනා අතරතුර ගහන්න ක්‍රමයක් හදාගෙන යන්නේ... අධිවේගී පාරවල්, අමතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන, ඉස්සරහට MCC, තව මදිනං පොඩි බාප්පාගෙන් කොරෝනා ආධාර ටිකක් ඉල්ලගන්න.
ඉදලා ඉදලා කට ඇරියා. මෙයාටත් ඕනේ ඉක්මනින් ස්ථීර ආණ්ඩුවක් හදාගෙන මේ පාර්ලිමේන්තුවට යන්න.
අපිට ඔයගොල්ලන්ගේ පව් ගෙවන්න බැහැ.
එතකොට මෙච්චර දවස් කොහෙද හැංගිලා හිටියේ? දැන් ඡන්දෙ නිසා එකා දෙන්නා මොකක් හරි පටයක් හදාගෙන එළි බහිනවා.
කරුණාකරලා රාජපක්ෂ පවුලම පැත්තකට වෙලා ඉන්නවද..? ජනාධිපතිතුමාට වැඩේ කරන්න ඉඩ දීලා. ඔය රාජපක්ෂ පවුලම අපිට අප්පිරියයි.
ඇයි හොරකම් කළ සල්ලි ඉවර වෙලාද?
රට නැගිටපු කාලයක් කාට හරි මතකද?
රටට හෙණ ගැහුවත් කමක් නැහැ ඡන්දෙ තියමු කියන එකනේ කියන්නේ..
කට වහගෙන ඉන්න පුළුවන් නම් ලොකුදෙයක්... වසර ගාණක් තාත්තගේ බලයෙන් මහප්පලා, බාප්පලා ඇතුළු පරපුරක් එක්ක හම්බ කරපු හරිය මදිද? ඒ සල්ලි ටික ආපහු දුන්නා නම් රටේ ආර්ථිකය වෙනස් වේවි....ජාතික ධනය කොල්ලකන අය ඉපදෙන්නේ ඊළඟ ආත්මෙදි පෙරේත, පිසාචයන් වෙලා... අනුන් කඩලා දෙන මල් වට්ටිය අරන් පන්සල් ගියාට කළ පව්වලින් බේරෙන්න බැහැ..
කොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා හැංඟිලා ඉන්න අපිට බැහැ’ කියන්නේ මක්කටැයි.. මොකටද හැංගිලා ඉන්නේ?
මෙන්න බාප්පාගේ ඡන්ද කඩනවෝ..!!!
නාමල් කියන දෙයයි මේ බහුතරයක් කොමෙන්ට්ස් වල තියෙන දේවලුයි අතර ගැලපීමක් නැහැ... සංවිධානාත්මකව නිස්කාරනේ අපහාස කරනවා වගේ පේන්නේ...
අනේ මෙයා නේද පසුගිය දවස්වල නුවර ඉඳලා පෙළපාලි ගියේ? අායෙමත් දළදා මාලිගය ඉස්සරහ නාඩගමක් නටන්නද හදන්නේ...?