කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ආණ්ඩුවලට සහාය වීමට ලොව ප්‍රමුඛ අන්තර්ජාල සමාගම් ඉදිරිපත් වී සිටියි.
ඒ අනුව මයික්‍රොසොෆ්ට් ආයතනය බින්ග් පවර්ඩ් ට්‍රැකර් නම් යෙදුමක් සහ ගූගල් ආයතනය ඒ සඳහා නව වෙබ් අඩවියක් ද හඳුන්වා දී තිබේ.
මේ සඳහා ෆේස්බුක් ආයතනය වැඩිදියුණු කරන ලද මැසේන්ජර් පණිවිඩ හුවමාරු යෙදුමක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ ආයතන වෙනුවෙන් ලබා දීමට පියවර ගෙන ඇත.
තහවුරු කරන ලද නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීම එහි අරමුණයි.
මීට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන වෘත්තිකයින් වෙනුවෙන් මුහුණු ආවරණ 72000 ක් ෆේස්බුක් ආයතනය පරිත්‍යාග කළ බව එහි හිමිකරු මාක් සකර්බර්ග් මහතා පැවසීය.
-226-
(හින්දුස්ථාන ටයිම්ස් ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd