IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ගැන අසත්‍ය පුවත් ප්‍රචාරය නොකරන්නැයි ට්‍රම්ප් මාධ්‍ය ආයතනවලින් ඉල්ලයි

ජාතියක් වශයෙන් අමෙරිකා එක්සත් ජනපදය මාරාන්තික  කොරෝනාවට එරෙහිව සටන්වදිමින් සිටින මේ මොහොතේ වයිරසය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින්නැයි අමෙරිකානු ජනපති  ‍ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.

අපිට ජීවිත රැක ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා මාධ්‍ය ආයතන ජනතාව තුළ බියක් ඇතිකරමින් ඔවුන්ට කලබලයට පත්කිරීමෙන් වැළකිය යුතු බවත් ධවල මන්දියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනපතිවරයා අවධාරණය කළේය.

කිසිදු මාධ්‍ය ආයතනයක නම් සඳහන් නොකරමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකළේය.

මාධ්‍ය ආයතන මෙසේ සිය ග්‍රාහක සමීක්ෂණ අගයන් ඉහළ නංවා ගැනීමේ අරමුණින් කටයුතු කරන බව තමා උපකල්පනය කරන බවත්, ඔවුන් සොයන්නේ කුමක්දැයි තමන් නොදන්නා බවත් හෙතෙම පැවසීය.

එහෙත් ජනපතිවරයා පෙන්වා දෙන්නේ එවා රටට ඉතා අහිකර බව සහ ජනතාව ඒවා තේරුම් ගැනීම ඉතා නරක තත්ත්වයක් බවයි.

ලෝකයට ද නරක තත්ත්වයක් වන මෙමගින් ඇති කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.  

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 300,915 පමණ වී තිබේ.

වෛරසය හේතුවෙන් මරණ 8,162 ක් මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වී ඇත.


(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)

-226-



අදහස් (3)

කොරෝනා ගැන අසත්‍ය පුවත් ප්‍රචාරය නොකරන්නැයි ට්‍රම්ප් මාධ්‍ය ආයතනවලින් ඉල්ලයි

රවින් Sunday, 05 April 2020 06:35 AM

හිතට අමාරුයි වගේ? කෙලින පිස්සු මාධ්‍යයෙන් එළියට දානවා නේද ?

:       24       1

Chandima Sunday, 05 April 2020 06:38 AM

තමුසේ කට වහගෙන ඉන්නවා නිකන් දොඩවන්නේ නැතිව. ඇමෙරිකාවේ මිනිස්සු මෙච්චර මැරෙද්දි බූරුවෙක් වගේ කියවනවා. කරන්න බැරිනම් යනවා.

:       40       55

Raveendra Sunday, 05 April 2020 08:11 AM

අනේ මේ ඩොනල් අයියේ බෝක්කුව උඩට වෙලා ට්‍රම්පට් එක ගමටම ඇහෙන්න ගැහැව්වට කමක් නැහැ මට දිව්‍යලෝකේ යන්න තරම් තාක්ෂණය දියුණුයි මගේ රටේ කියලා. දැන් තේරෙනවා නේද වැඩේ බරපතල කම ඒ නිසා අපේ "සම.. හරක් " දේශපාලුවන්ගේ ගොන් පාට් වගේ රගන්නේ නැතුව වැඩේට බහිනවා රොකට් සයන්ස් ටෝක් නැතුව..පව් අහිංසක මිනිසුන් ගේ ජිවිත..

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6159 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 320 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 348 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1285 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site