කොරෝනා වයිරසයට එරෙහිව භාවිතා කළහැකි එන්නත් දෙකක් සම්බන්දව විද්‍යාගාර මට්ටමින් පරීක්ෂා කිරීම ආරම්භ කළ බව ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සිය පවසයි.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇමරිකානු සමාගමක් වන ඉනෝවියෝ ෆාමසූටිකල් විසින් නිපදවා ඇති මෙම එන්නත් දෙක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සතුන් ආශ්‍රිතව පරීක්ෂා කිරීම සඳහා නිර්දේශ කර තිබේ.
ලෝකයේ මෙවැනි පර්යේෂණ අධීක්ෂණය කරන සම්මේලනය විසින් තෝරාගත් විකල්ප එන්නත් දෙකක් මෙලෙස ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් පරීක්ෂා කරනු ලබයි.
එම එන්නත් වයිරසයට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ද යන්න හා ඒවා මිනිසාට ආරක්ෂිත ද යන්න ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සිය විසින් කත්සේරු කරයි.
මෙම එන්නත් පරීක්ෂා කිරීම සඳහා පසුගිය මාසයේදී ඇමරිකානු කාන්තාවකට ලබාදෙන ලද්දේ සත්ව පරීක්ෂණ අවධිය මගහරිමින් බව සඳහන් වේ.
ඒ අනුව ඕස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානය පවසන්නේ ඔවුන් සිදුකරන පරීක්ෂණ සතුන් භාවිතා කර සිදුකරන ප්‍රථම සායනික අත්හදා බැලීම් බවයි.
පර්යේෂකයන් පවසන්නේ එන්නත මෙම අදියර සඳහා ලඟා වීමේදී ලොව පුරා සියලු රටවල් වලින් පෙර නොවූ විරූ සහයෝගයක් ලැබුණු බවයි.
"සාමාන්‍යයෙන් වෙනත් එන්නතකට මෙම අවස්ථාවට ලඟාවීමට අවුරුදු 1ත් 2ත් දක්වා කාලයක් ගතවෙනවා. ඇත්ත වශයෙන්ම කොරෝනා එන්නත සඳහා ගතවුණේ මාස දෙකක් වැනි කෙටි කාලයක්." යනුවෙන් ඕස්ට්‍රේලියානු පර්යේෂණ ආයතනයේ ආචාර්ය රොබ් ග්‍රෙන්ෆෙල් මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
පසුගිය දින කිහිපයේදී පර්යේෂණ කණ්ඩායම විසින් එන්නත් සාම්පල ලෝම සහිත කුඩා ක්ෂීරපායීන්ට ඇතුල් කිරීම සිදුකරන ලදී.
සත්ත්ව පරීක්ෂණ වල පළමු ප්‍රතිඵල ජුනි මස මුලදී හෙළි කළ හැකි බව විද්‍යාඥයෝ පවසති.
ඒවා සාර්ථක වුවහොත් වෙනත් ස්ථාන වල විද්‍යාගාර වල සිදුකළහැකි සායනික අත්හදා බැලීම් වලට ගෙන යා හැකිය.
මෙම ඖෂධය සාමාන්‍ය වෙළඳපොලට ඉක්මනින් ලබා දිය හැකි නමුත් එහි නියාමන පරීක්ෂණ සහ ප්‍රමිතීන් සලකාබැලීම සඳහා අවම වශයෙන් මාස 18ක කාලසීමාවක් ගතවනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති.
ලොවපුරා රටවල් වල රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි දැඩි සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස එන්නත සාර්ථක වනු ඇතැයි සර්ව සුභවාදීව අපේක්ෂා කරන බව වෛද්‍ය ග්‍රෙන්ෆෙල් වැඩිදුරටත් පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොරෝනා එන්නත් දෙකක් පරීක්ෂා කිරීම ඕස්ට්‍රේලියාවේදී ඇරඹෙයි