කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 824 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇත.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 27 කි.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 823 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වී ඇත.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 26 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 583 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 232 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
මේ බුදුන්ගේ දේශයයි කීවානේ, කොහොමද මෙහාට කොරෝනා ආවේ?
වැඩිපුර ටෙස්ට් කරන්න... එතකොට බලාගන්න පුළුවන් නියම තත්වය.
කොරෝනා ආසාධිතයින් දවසින් දවස වැඩි වෙනවා කියලා ඡන්දෙ තියන්න කිසිම බාධාවක් නෙවෙයි කියලා අපේ රජය කියනවා...
මොකද දැං මේ රෑ 1.00ට මේ කොරෝනා අලුත් රෝගීන් ගණන නිකුත් කරන්නේ. කාටද මේක හංගන්න හදන්නේ...? අපිට සැකයක් තියෙනවා මේ ඇත්තම ගණනද කියලා...?
බුදුන්ගේ දේශය වුණාට දහම පිළිනොපදිනතාක් එහි පිහිටක් නැහැ. බුදුදහම ආශ්චර්යන් පාන එකක් නොවේ. දහමට අනුව හැසිරෙන පුද්ගලයාට සහ සමාජයට යහපතක් වෙනවා. එහෙම නැතිව බොරුවට බෞද්ධ කීවාට වැඩක් නැහැ. බොරුවට පුද පූජා තිබ්බාට වැඩක් වෙන්නේ නැහැ. මේ ධර්මයෙන් වුණත් ස්වභාව ධර්මය ඉක්මවා යන්න බැහැ. නියාම ධර්ම ගැන බුදුන් කළ දේශනා අමතක කරලා. බුදුන්ගේ දේශය කියලා පාරිසරික බලපෑම්වල අමුතු දෙයක් වෙයි කියලා හිතන එක අනවබෝධය නිසා ඇතිවුණ මෝඩ සිතුවිල්ලක්...
වැඩිය කලබල වෙන්න එපා. බිංකුණ්ඩා කියන්නේ සතෙක්... මනුෂ්‍යෙයක් නොවෙයි..
දවසට 30 ගාණේ ආසාධිතයෝ හමුවෙද්දී කොරෝනා පාලනය කළා කියලා කියන එකම රට...
දැන් මාස 2 කට කිට්ටු වෙන්න ඇදිරි නිතිය දමලා රට වහල තිබුනා. රෝගියෝ 800 කට වැඩියෙන් සොයාගෙන තිබෙනවා. 500 කට වැඩි පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ඇදිරිනීතිය දමලා මේ ප්‍රශ්නේ නිට්ටාවටම සුවකරන්න බැරි බව දැන් ඔප්පු වෙලා තිබෙනවා. දැන් කරන්න තිබෙන්නේ ජර්මනිය වැනි රටවල් කරන ආකාරයට ජනතාව අතර දුරස්ථ භාවය පවත්වාගනිමින් ආරක්ෂක ක්‍රම අනුගමනය කරනමින් සෞඛ්‍ය සේවය කර්යක්ෂමකොට පල්ලි , පන්සල් , සංගීත සංදර්ශන , මහාපරිමාණ ටියුෂන් ක්ලාස් සහ චන්ද වැනි දේවල් නොපවත්වමින් , රට ක්‍රම ක්‍රමයෙන් විවෘත කිරීමය. මේ හැර වෙන විකල්පයක් නොමැත. නැතිනම් රටේ ආර්ථිකය විශාල ලෙස කඩාවැටීම නොවැලක්විය හැක. එමගින් දරිද්‍රතාවය විශාල ලෙස ඉහළ යන්න පුළුවන්. මනුස්සයන් අතර මානසික ආතතිය වැඩි වෙලා ප්‍රශ්න උග්‍ර වෙලා ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වෙන්න පුළුවන්. මේ අවස්ථාවේ එවැනි තීරණයක් නොගෙන දිගටම රට වසා දැමීමෙන් වෙන්නේ මහදැනමුත්ට වුන එකය. එළුවාත් මුට්ටියත් දෙකම නැති වෙන එකය.
කොරෝන සමග සටන්කර ජිවිත විනාශය අවම කරගනිමින් ආර්ථිකයට රටත් බෙරගන්න ඕනේ නම් මෙම කරුණු ගැනත් බලධාරීන් අවධානය යොමු කලයුතුය. දවස් කිහිපයක් එක දිගට ඇදිරිනීතිය දමල එක දවසක් කඩ විවෘත කරහම ඔක්කොම එක දවසේ බඩු ගන්න පොරකමින් කඩ වල පෝලිමේ ඉන්න කොට කොරෝන බෝ වීම සීග්‍රයෙන් සිදු විය හැක. නිරෝධන මධ්‍යස්ථානවල නිරෝධනය වන පිරිස් සහ හමුදා බැරැක්කවල සිටින සොල්දාදුවන් තට්ටු ඇදන් වල එක ශාලාවේ 30-40 එකවර නිදාගැනීමට සැලැස්වීමෙන් කොරෝන පැතිරීම වැඩිවේ. කොරෝන රාජකාරි වල යෙදෙන ත්‍රිවිද හමුදා, සෞඛ්‍යය කාර්යමණ්ඩලවල , සුපර්මාකට්, කඩවල වල සේවය කරන සේවකයන්, බස් කොන්දොස්තරවරුන් අවම වශයෙන් සතියකට වරක්වත් කොරෝන පරීක්ෂණ සදහා යොමු කලයුතුය...
විද්වත් මණ්ඩලයක් ඉන්න නිසා අපේ අදහස් එයාලට වැදගත් වෙන එකක් නැහැ.
ඇන්ටන් මහත්මයා කඩේක මියෝ සිටියා කියලා කඩේ මාසයක් දෙකක් වසා තැබීමෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැත... ඉස්සෙල්ලා කඩේ දවසක් දෙකක් වහලා පිරිසිදු කරලා මීකුඩු විනාශ කරලා..., කඩේ නැවත විවෘත්ත කළ යුතුයි.. ඉන්පසු කඩේ රාත්‍රියට මී උගුල් ඇටවීම් හෝ මි පාසානම් දැමීම වැනි, විෂය ගැන දන්නා කෙනෙකුගෙන් උපදෙස් අරන් මියෝ මර්ධනයට කටයුතු කළයුතුයි. රටත් ඒවගේ කොරෝනා පැතිරෙනවා කියලා ඇඳිරි නීතිය දමලා මිනිස්සු ගෙවල්වල සිරකරගෙන රට සම්පූර්ණයෙන් වසාගෙන සිටියා කියලා මේ ප්‍රශ්නේ විසඳුනේ නැති බවත්, රටේ ආර්ථිකය පමණක් කඩා වැටුණු බවත් ප්‍රතිඵලවලින් පෙනේ..., කොරෝනා කියලා ඔස්ට්‍රියාවත් සම්පූර්ණයෙන්ම ඇඳිරිනීතිය දමලා වසලා දැම්මේ නැහැ නේද? නැවත ක්‍රම ක්‍රමයෙන් විවෘත කරනවා නේද? ලංකාවත් එවැනි ආරක්ෂක පියවර අරන් පියවරෙන් පියවර විවෘත්ත කරන එක හැර වෙන විකල්පයක් නොමැත. නැතිනම් රටේ ආර්ථික, සමාජ ප්‍රශ්න වැඩි වෙලා..., වෙන රෝගවලින් සහ මන්ද පෝෂණයෙන් කොරෝනා වලට වැඩි ජීවිත ප්‍රමාණයක් විනාශ වෙන්න පුළුවන්... ඔබතුමා මම ඉදිරිපත් කරලා තිබෙන කරුණු කාරණා ගැන කිසිම තර්කයක් ඉදිරිපත් නොකර මගේ මොලේ බර්ලින් වලට හොඳයි කියලා ප්‍රකාශ කරනවා... ලංකාවේ මේ කොරෝනා නිසා ඇතිවෙලා තිබෙන සමාජීය සහ ආර්ථික ප්‍රශ්න විසඳීමට ඔබේ අදහස කුමක්ද?