( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද වාරියපොළ කටුපොත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මුස්ලිම් කාන්තාවකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .
මෙම කාන්තාව ඊයේ (31) දිනයේ කොරෝනා රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් කටුපොත රෝහලේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා එවීමෙන් පසුව කරන ලද පරීක්ෂණ වලින් ඇය කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වී ඇත .
මෙම කාන්තාව පදිංචි කටුපොත නිවසට කොරෝනා ආසාධනයවී මේවනවිට අයිඩීඑච් උණ රෝහලේ ප්‍රතිකාර ලබන පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ ඇතැයිද ඉන් පසුව ඔහුගෙන් ඇයට මෙම වෛරසය ආසාධනය වී ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය . මෙම කාන්තාව අද පස්වරුවේ ප්‍රතිකාර සඳහා අයිඩීඑච් උණ රෝහලට යැවීමට පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවූ ප්‍රථම කොරොනා රෝගියා මෙම කාන්තාවය .
COMMENTS
මුස්ලිම් විතරක් කියන්න. නැතිනම් එපා...
තවම බැරි වුණා ආගමවාදී සටහනක් නොමැතිව පළ කරන්නට .. හරිම කනගාටුයි..
දිස්ත‍්‍රික්ක අතර මාරුවෙන්න බැරිනම් කොහොමද පුත්තලමෙන් කුරුණෑගල ආවෙ?
නිරෝධායනය නොවී සැඟව සිටි අයෙක් අත්අඩංගුවට - මෙම පුවතේ සඳහන වන පුද්ගලයාගේ ජාතිය හෝ ආගම සඳහන් කර නොමැත.
හරි දුකයි... මෙවැනි ව්‍යවසනයක් මුලු ලෝකෙටම වෙලා තියෙද්දිත්
මෙතන තියෙන්නේ ආගමකවත්, ජාතියකවත් ප්‍රශ්නයක් නෙමෙයි.... අනිත් අයට සාපේක්ෂව අදාළ උදවියගේ තියන මෝඩ අහංකාර උද්දච්ච හැසිරීම එහෙම කරලා මැරුණම පුච්චන්න එපා කියලත් කියනවා...