IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිත කතක් කුරුණෑගලින් හමුවෙයි

( පුෂ්පකුමාර ජයරත්න )
 
කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද වාරියපොළ  කටුපොත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මුස්ලිම් කාන්තාවකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .
 
මෙම කාන්තාව ඊයේ (31) දිනයේ කොරෝනා රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් කටුපොත රෝහලේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා එවීමෙන් පසුව කරන ලද පරීක්ෂණ වලින් ඇය කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වී ඇත .
 
මෙම කාන්තාව පදිංචි කටුපොත නිවසට කොරෝනා ආසාධනයවී මේවනවිට අයිඩීඑච් උණ රෝහලේ ප්‍රතිකාර ලබන පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ ඇතැයිද ඉන් පසුව ඔහුගෙන් ඇයට මෙම වෛරසය ආසාධනය වී ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය . මෙම කාන්තාව අද පස්වරුවේ ප්‍රතිකාර සඳහා අයිඩීඑච් උණ රෝහලට යැවීමට පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවූ ප්‍රථම කොරොනා රෝගියා මෙම කාන්තාවය .



අදහස් (10)

කොරෝනා ආසාදිත කතක් කුරුණෑගලින් හමුවෙයි

Tarzan Wednesday, 01 April 2020 01:44 PM

මුස්ලිම් විතරක් කියන්න. නැතිනම් එපා...

:       9       12

DASTHA Wednesday, 01 April 2020 01:49 PM

තවම බැරි වුණා ආගමවාදී සටහනක් නොමැතිව පළ කරන්නට .. හරිම කනගාටුයි..

:       524       744

උපාලීWednesday, 01 April 2020 02:18 PM

එක ආගමක් ගැන කියනකොට හරියට අමාරුයි. ඒකත් වටින තොරතුරක්...

:       1       0

DilanWednesday, 01 April 2020 02:35 PM

ජාතිය කිව්වම ආගම්වාදී වෙන්නෙ කොහොමද? විනයක් නැතුව නීතියට ගරු නොකර කටයුතු කරල ලෙඩේ රට පුරා පතුරුවන්නෙ ඔය කියන ජාතියේ අය තමයි. මිනිය ආදාහනය කරන්නවත් දෙන්නෙ නෑ ඒකටත් විරුද්ධයි.

:       1       0

AsankaWednesday, 01 April 2020 05:28 PM

ඇයි මොකක්ද ප‍්‍රශ්නෙ... ඔවුන් විසින්ම ඔවුන්ව හදුන්වා ගන්නේ මුස්ලිම්වරු කියලා. අනික ඔවුන්ගේ නායක හකීම් කිව්වෙ ඔවුන්ට කොරෝනා වලින් මියගිය විට ආදාහනය කරන්න දෙන්න බැහැ කියලා. හැමතැනකදිම අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට වැඩකරන නිසා ඔවුන්ගෙ ජාතියෙ හදුන්වන එක නිවැරදියි...

:       1       21

ass charyaThursday, 02 April 2020 04:57 AM

උපාලි, ඩිලාන්, අසංක, තුන් දෙනාම එක වල්ලේ පොල්,

:       0       1

Chinthaka Wednesday, 01 April 2020 02:43 PM

දිස්ත‍්‍රික්ක අතර මාරුවෙන්න බැරිනම් කොහොමද පුත්තලමෙන් කුරුණෑගල ආවෙ?

:       0       1

kaushalya ariyathilaka Wednesday, 01 April 2020 02:59 PM

නිරෝධායනය නොවී සැඟව සිටි අයෙක් අත්අඩංගුවට - මෙම පුවතේ සඳහන වන පුද්ගලයාගේ ජාතිය හෝ ආගම සඳහන් කර නොමැත.

:       0       1

Shaf Wednesday, 01 April 2020 03:16 PM

හරි දුකයි... මෙවැනි ව්‍යවසනයක් මුලු ලෝකෙටම වෙලා තියෙද්දිත්

:       0       1

jayath Wednesday, 01 April 2020 04:01 PM

මෙතන තියෙන්නේ ආගමකවත්, ජාතියකවත් ප්‍රශ්නයක් නෙමෙයි.... අනිත් අයට සාපේක්ෂව අදාළ උදවියගේ තියන මෝඩ අහංකාර උද්දච්ච හැසිරීම එහෙම කරලා මැරුණම පුච්චන්න එපා කියලත් කියනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31137 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site