(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 9 දෙනෙකු අද(28) වන විට සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.
එමෙන්ම මේ වනවිට පුද්ගලයින් 97 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවද එම කාර්යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයන් සංඛ්‍යාව මේවනවිට 106 කි. ඊයේ(27) සහ අද (28) දිනයේදී මේ වනතුරු කිසිදු නව ආසාදිතයකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
කෙසේ නමුත් මේ වන විට රෝහල් ගතවී සිටින මුළු පුද්ගලයන්ගේ සංඛ්‍යාව 199කි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අද නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd