ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 203 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොසිනි.
පුද්ගලයන් 55 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
කොපමණ ඇදිරිනීතිය දැම්මත් කොරෝන රෝගීන් හමුවීම අවසන් වෙන්නේ නැත . කරුණාකර ඇදිරිනීතිය ඉවත් කර ජන ජීවිතය යථා තත්වයට පත් කරන්න...
බණ්ඩා ඔයා මොනවද කියන්නේ? ඔයා ඉන්න තිබ්බෙ පිටරටක... ලංකාව ඔයාලට හොද වැඩියි....
තැන..තැන්වල කල්ලි ගැහිලා මත්ද්‍රව්‍ය .. මත්පැන් පානය කිරීම තදින් පාලනය කල යුතුයි. මේ මතට ඇබ්බැහි වුණු පුද්ගලයින්... සිය ආරක්ෂාව වගේම .. අනුන්ගේ ආරක්ෂාව ගැනද නොතකන බව අපිට දිනෙන් දිනට තහවුරු වෙලා තිබීම ලොකු අනතුරක්....
හිතාමතාම රෝගය බෝකරන අයට සහ සෞඛ්‍ය අංශ කියන දේවල් පිළි නොපදින අයට වෙඩි තැබිය යුතුයි.
මුළු ලෝකයෙන්ම කොරෝනා අවසන් වන තුරු ගුවන් තොටුපල වහගෙන ඇදිරි නීතියත් දාගෙන ඉන්න.
ආදරණීය බණ්ඩෝ, ඔබ වගේ අය මේ රෝගයෙන් බේරි ඉන්නේ ඇදිරිනීතීය නිසා බව මතක තබාගන්න. ඔබ වගේ අය තමා රට වටේ ගිහින් තමනුත් හදාගෙන රටම විනාස කරන්නේ.
කොරෝනා රෝගීන් හමුවෙන එක මේ වෙද්දි පාලනය වෙලා තියෙන්නේ රජය අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අරගෙන තියන නිසයි. මේ වෙලාවේ පක්ෂ, පාට, ජාති, බේද නොබලා රජයේ නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි.
බස්නාහිර පළාතේ ඉන්න අපිට මුදල් ගන්න ATM එකට යන්න කාලයක් ලබා දෙන්න.
බණ්ඩාට බැන්නට බණ්ඩා කියනදේ යම්කිසි ඇත්තක් තිබෙනවා. අපි කොරෝනා දිහාම බලාගෙන රටම වහගෙන ඉන්න අවස්ථාවේ අනෙකුත් රෝග වලට කලට වෙලාවට ප්‍රතිකාර නොලැබීම නිසා විශාල සංඛාවක් රෝගීන් මිය යනවා.
මෝඩයෝ කියන කතා අහන්න ඕන නැහැ.