(මලිෂා ගුණවර්ධන)

කොරෝනා වයිරසය ආසාදිත වූ  පුද්ගලයින්ගේ සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

අද (29) දිනයේදී කොරෝනා ආසාදනය වු  පුද්ගලයින්  දෙදෙනෙකු වාර්තා  තිබේ.

⁣කොරෝනා වයිරසය ආසාදනය වු බව තහවුරු විමෙන් පසුව ඔවුන් හලාවත සහ රත්නපුර රෝහල් වලින් කොළඹ අයිඩීඑච් රෝහලට එවා ඇතැයි  සෞඛ්‍ය අංශ කියයි.

මේ ව විට  කෙරෝනා යැයි සැක පුද්ගලයින් ද 117 දෙනකු   රෝහල්වල ප්‍රතිකාර ලබති. දැනට කොරෝනා ආසාදිත වී සිටින 117 දෙනාගෙන්  සුවය ලබා පුද්ගලයින් 11 දෙනෙකු සිය  නිවෙස් වලට පිටව ගොස් ඇතැයිද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

වයිරසය ආසාදනය වීමෙන් ඊයේ(28)  මාරවිල පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු මිය ගියේය.