IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


කොරෝනා ආසාදිතයන් ගණන 690 දක්වා ඉහළට

 ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 690 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 689 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද (01) දිනය ඇතුළත ආසාදිතයන්  15දෙනෙකු හමු වී ඇත

 

.

 

 

 


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 674 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (01) තවත් ආසාදිතයන් තිදෙනෙක් වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ‍.

ඒ අනුව අද රෝගීන් 9දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම රෝගීන් 9දෙනාගෙන් 5දෙනෙකු නාවික හමුදාව සමීපව ඇසුරු කළ අය බවද හෙතෙම කියාසිටී.

ආසාදිත රෝගීන් 674දෙනාගෙන් 157දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොසිනි.


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 671 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (01) තවත් ආසාදිතයන් තිදෙනෙක් වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ‍.

ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වු රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 668 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (01) තවත් ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ‍ෙ

ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වු රෝගීන් 3 දෙනෙකු වාර්තා වී ඇත.


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 666ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (01) තවත් ආසාදිතයකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ.

ඒ අනුව 157 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

එසේම 145දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.



අදහස් (11)

කොරෝනා ආසාදිතයන් ගණන 690 දක්වා ඉහළට

Kumar (Gulf) Friday, 01 May 2020 07:40 AM

සාතන් ගේ අංකයට සමවී ඇත.

:       139       408

janahitha Friday, 01 May 2020 10:52 AM

සාතන් ඉන්නේ කොහෙද මහත්මය තම විශ්වාසයන් තුලද? එහෙමත් නැතිනම් සත්‍ය තුලද ?

:       14       30

ravi Friday, 01 May 2020 07:42 AM

අද අපේ රටේ කොරෝනා පතුරවන්නේ කුඩු , කස්සිප්පු ගංජාකාරයෝ. මේ වෙනුවෙන් ඉතාමත් සූක්ෂම දැඩි පියවරක් ගන්න සිදුවේවි. නැත්තම් මුළු රටම අනතුරේ !

:       235       126

chandanaFriday, 01 May 2020 08:44 AM

ලන්සගෙන් අවසර අරගෙන කරන දෙයක් කරන්න...

:       0       0

Samitha Senaka Aluthgamage. Friday, 01 May 2020 08:17 AM

හය හය තුනකි දර්ශක පෙන්වා ඇත්තේ .... ඇඳිරි නීතියද රටටම අද ඇත්තේ දුප්පත් අසරණයන්ගේ දුක තව වැඩිවී ඇත්තේ. යන්න කොරෝනා ඉපදුනු රට පැත්තේ.

:       0       227

ජනක Friday, 01 May 2020 10:36 AM

මුළු රටම ඉක්මනින් සුව වේවා! අපේ පාලකයො දක්ෂයි වරද අනිත් අයට පටවන්න. මුලින්ම ඉතාලි ඉදල ආපු අයට ඊට පස්සෙ මුස්ලිම් අයට පසුව කුඩු ගහන අයට දැන් පවිත්‍රට නිසි ආරක්ශක උපකරන නොදී හමුදා සහ පොලිස් සොයුරන් අනතුරේ දමා රට අනතුරේ දමන පාලකයින්ගේ වැරදි පේන්නෙ නෑ. මුහුණු පොතෙන් මිදී ඇත්ත හරියට අවබෝධ කර ගමු. පෝස්ට් වලින් වීරයෙක් වෙන නායකයා ඇත්තටම පබයෙක් ඒ කිව්වෙ රවට්ටන්න දක්ශයෙක්...

:       396       1165

Chandrajeewa Friday, 01 May 2020 11:01 AM

එංගලන්තය සහ ඇමරිකාව දනින් වැටී දෙවියන්ගෙන් උදව් ඉල්ලද්දී අපේ රණවිරුවෝ සහ පවතින රජය රෝහල් කාර්ය මණ්ඩලය එකතුවී කරන මේ විශ්වකර්ම වැඩ නිසා අපේ ලංකාවේ තවමත් අඩු මරණ ගණනකින් බේරිලා ඉන්නවා. මුළු රෝගීන් ගණන තවමත් හත්සීයක් වත් නොමැතිව පවතින්නේ සක්‍රීයව රෝගීන් සොයා ගොස් නිරෝධායනය කරන නිසා. පරීක්ෂණ අඩු ගණනකින් උනත් තත්වය බරපතල නොවී වැළකිලා තියෙන්නේ විවිධ නිලධාරීන්ගේ කැපවීම නිසා. නමුත් අපේ සමහර රටවැසියන් වගකීමෙන් තොරව කුඩා ළමුන් මෙන් හැසිරීමත් විපක්ෂයේ ගොබ්බයන් කරන අසික්කිත කතා ටිකත් ඇරුනාම ලංකාව මේ ක්‍රියාව වෙනුවෙන් තවමත් ලෝකයේ පැසසුම් ලබනවා.

:       3659       2621

abcFriday, 01 May 2020 12:36 PM

රටේ ඇදිරි නීතිය දලා මිනිස්සුන්ට එලියට බහින්න එපා කිවුවට පස්සේ 90% ක් දුරට ඔක පාලනය වෙනවා. 10% විතර මිනිස්සුන්ව පාලනය කරන්න ආමි එක පොලීසියත් ඉන්නවා. එකෙන් තේරෙන්නේ මිනිස්සු ගෙවල් වලට වෙලා ඉන්න නිසා තමයි මෙක පාලනය වෙලා තියන්නේ. මෙකේ ගෞරවය යන්න ඕනේ මේ රටේ පටි තදකරගන ඉන්න මිනිස්සුන්ට... නැතිව මේක ආමි එකෙන් වත් පොලිසියෙන්වත් කරන මැජික් එකක් නෙමෙයි..

:       0       0

පෙරේරා Friday, 01 May 2020 02:07 PM

ස්තුති ඔබේ දූපත් මානසික අදහස් දැක්වීමට. ඔබ හෙලා දකින ඔය රටවල් වලින් තමයි කවදා හෝ බෙහෙතක් සොයා ගැනෙන්නේ.... එදාට බෙහෙත ගහගෙන ඔබ දේශපාලකයන්ට කඩේ යද්දි උන්ගෙ දරුවො සැප සේ ඒ රටවල ජීවත් වේවි. අපෙ අහිංසකයින් හැමදාම දුක් විදවිද දේශපාලන පක්ශ වලට හුරේ දමාවි. ඇත්ත fb post වල ගෝඩාක් අයට හැංගිලා තියෙන්නෙ. උඩින් තියෙන්නෙ රැවටීම.

:       0       101

Swarna Friday, 01 May 2020 12:38 PM

කෙසේ වෙතත් පැසසුමට වඩා හිතන්න ඕනේ අපේ රට ගැනයි. ඒ වෙනුවෙන් විශාල මෙහෙයක් අපේ රජය, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය විසින් දරනවා. තවද මේ වෛරසය ව්‍යාප්ත වීම ගැන අපේ රට, ලෝකයේ රටවල් සමඟ සසැඳීම වැරදියි. ඒ මන්ද ලංකාවේ සිටින මුළු ජනගහනය වෙනත් රටක එක නගරයක පමනක් සිටීම නිසා ව්‍යාප්ත වීම වැඩියි.

:       0       0

de silva Saturday, 02 May 2020 04:49 AM

තමන්ගේ ඍජු අධීක්ෂණයට සහ අණට යටත් වෙලා ඉන්න රටේ ආරක්ෂක නිලධරින්ට අවශ්‍ය ආරක්ෂණ උපකරණ සපයලා ඔවුන් අතරේ කොරෝන බෝවෙන එක නවත්ත ගන්න අවශ්‍ය දුරස්තකරණය සලසන්න බැරි බලධාරීන් කොහොමද ? රට පුරා පැතිරිලා ඉන්න කොරෝනා ආසාධිතයන් ගැන සොයලා නිරෝධායනය කරන්නේ ? මාස 1 1/2 ඇදිරිනීති දමලත් කොරෝනා ආසාධිතයෝ 700 ක් විතර හමුවෙලා තිබෙනවා. තවමත් දිනපතා අවම වශයෙන් 20-25 වත් අලුතෙන් හමුවෙනවා. මරණ 7 තිබෙන්නේ රෝගීන්ගෙන් වැඩිහරියක් තරුණ පුද්ගලයන් වීම නිසා.

:       0       103

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1157 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2774 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 943 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 726 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 933 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 811 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 65 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 918 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1801 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site