( දිමුතු සඳරුවන්)
ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
අද (30) වන විට ආසාදිතයින්මේ ගණන 120 ක් ලෙස වාර්තා වී තිබිණි.
මේ වන විට තවත් ආසාදිතයින් දෙදෙනකු වාර්තා වී තිබේ. ඒ සමඟ මුළු ආසාදිතයින් 120 දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා වයිරසය අසාදිත වීමෙන් එක් පුද්ගලයකු මිය ගියේය. එමෙන්ම පුද්ගලයින් 11 දෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත.
COMMENTS
බොහෝ දෙනෙක්ට කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි කොරෝනා පැතිරීම ගැන ජනතාවට වගකීම පැවරීම. සෞඛ්‍ය බලධාරීන් නෙමෙයි කවුරු කිව්වත් බඩගින්න, මුදල හිඟකම සහ කොරෝන නොවෙන වෙනත් අසනීප ඇඳිරි නීතිය දැම්ම කියල නවතින්නේ නැහැ. පලවෙනි කාරණය මෙවන් වෙලාවක ජන මනස වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ආණ්ඩුවට නැතිවීම. ඇඳිරි නීතිය දමන්න ඉස්සෙල්ල මිනිස්සුට බඩු ටික බෙදල තිබ්බ නම්, එහෙම නැත්නම් මිනිස්සුන්ට සල්ලි අතේ තිබ්බ නම් මිනිස්සු රංචු ගැහිලා පාරට එන්නේ නැහැ කියන එක සමහර මුග්ධයන්ට තේරෙන්න නැහැ. කොළඹ බෝර්ඩ් වෙලා හිටපු මිනිස්සුත් දැන් ගමට ගිහින්. සමහරුන්ට පඩිත් නැහැ. ඒ හින්ද පවුල් වල ආහාර අවශ්‍යතා සහ මුදල් හිඟකම් වැඩියි. ඒ මදිවට වෙනද වගේ පන්සල් වලින් ආහාර ලැබෙන්නෙත් නැහැ. පන්සල් වලටත් ප්‍රශ්නේ බලපාල නිසා. වෙනදට මෙහෙම වෙලාවක පන්සලකට ගිහින් වන්දනාමාන කරලා හිත නිවා ගන්නත් බැරි විදිහට මිනිස්සු ගෙවල් වලට කොටුවෙලා. මිනිස්සුන්ගේ ආගමික විශ්වාස වලට ගරහන්නේ ආගමක් නැති අනාගමික කුහකයන්. ලංකාවේ හිටියට ඔලුව පිටරට. ඒ හින්ද ලංකාවේ මිනිස්සුන්ගේ ගතිපැවතුම් වලට ගරහනවා. ගෘහස්ත වධ හිංසා ළමා කෘරකම් පැමිණිලි වල දත්තත් හංගල.
ලෝකයේ විවිධ පර්යේෂකයන් කියන විදිහට සමහර රටවල කොරෝනා උපරිමයට ලඟා වෙලා දැන් අඩුවේගෙන යනවලු. වේලාසනම ලොක්ඩවුන් දාපු සමහර රටවල කොරෝන ආසාදිතයන් ගාන අඩුවේගෙන යනවලු. ලංකාවට කොරෝනා ආවේ නොන්ඩි ගගහ වුනත් චීනය ඉතාලිය ස්පාඥ්ඥය බ්‍රිතාන්‍යය ඇමරිකාව වගේ රටවලට කොරෝනා ආවේ සුනාමියක් වගේ. වූහාන් සහ හුබෙයි නගර වල තිබ්බ කොරෝන වෛරසය බීජින් වගේ ළඟ නගර වලට පැතිරෙන්නේ නැතුව ඈත පෙරදිග රටවලට පැතිරුනේ කොහොමද? පැහැදිලිවම සංක්‍රමණිකයන් හින්ද. මුල් කාලේ මේ වෛරසය පැතිරෙන්නේ වවුල් මස් නිසා කියල බොරු ප්‍රචාරයක් යවල තිබ්බ හින්ද රටවල් හිතුව මේක බලපාන්නේ අදාළ මිනිස්සුන්ට විතරයි කියල. ඒ හින්ද බොහෝ බටහිර රටවල් ගුවන් යාන යවල වූහාන් සහ හුබෙයි නගර වලින් ඒ රටවල පුරවැසියන් විශාල වශයෙන් අරන් ආව, චීනයේ විරුද්ධත්වය මැද්දේ. මේ හේතුව හින්ද චීනය තමන්ගේ නගර දෙක වහල කොරෝනා වෛරසය පැතිරෙන එක වලක්වා ගන්න හැදුවට වැඩක් වුනේ නැහැ. පස්සේ තමයි අනිත් රටවලට තේරුනේ කොරෝනා මිනිසාගෙන් මිනිසාට බෝවෙන බව සහ රෝග වාහකයින් ගෙනාවේ තමන් බව. ඊටත් පස්සේ තමයි තේරුනේ සමහරුන්ට රෝග ලක්ෂණ නැති වුනත් වෛරසය ඇඟේ තියෙන්න පුළුවන් බව. දැන් කූනිස්සෙක් අල්ලාගෙන.