(සිරංගිකා ලොකුකරවිට)
කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සිමා කර තිබුණ ද ගාල්ල කොටුවේ සංචාරකයන් විශාල වශයෙන් සිටිනු දක්නට ලැබේ.
ඔවුන් වැඩිදෙනකු යුරෝපා රටවලින් පැමිණ සිටි අය වුවද මුඛ ආවරණ පැළඳීම වැනි ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරනු දක්නට නොහැකි විය.




COMMENTS
හිතාමතා බෝකරන්න ඇවිල්ලා වගේ...
රෝග ලක්ෂණ කිසිවක් නැත්නම් මුඛ ආවරණ (mask ) පැළඳීම අනවශ්‍යයි.
විදේශ විනිමය, ආධාර අපට දෙන රටවල්...
දොස්තර ප්‍රදීප්... දින 14ට පසුවයි දැනගන්න පුළුවන් වෙන්නේ හැදිලද? නැද්ද? කියලා. මෙයාලට වහාම පිටවෙන්න කිව්වා නම් නරකද?
සමහර විට මෙයාලාව දැනුවත් කරලා ඇති සංචාරක මණ්ඩලයෙන්... ඒ වුණත් අවධානයක් නොගෙන කටයුතු කරනවා නම් මෙය ඉතා කණගාටුදායක සිද්ධියක්...
එංගලන්තයේ අපිට කිසිම විදිහකට ආරක්ෂාවීමේ උපකරණ අනුගමනය කිරීමක් ගැන දන්වා නැහැ. අඩු තරමේ මුඛ ආවරණයක් හෝ අත්වැස්මක් බෙහෙතකටවත් හොයා ගන්න නැහැ. අපිත් ඔහේ බලාගෙන ඉන්නවා.. හැදුණොත් හැදුණා.. නැත්නම් නැහැ. විද්වතුන් රජයට දොස් නගා තිබුණු ජීවිත අවදානමට දමලා කියලා... පාසලුත් හැම එකක්ම වහලා නැහැ. සාමාන්‍ය කටයුතු ඒ ආකාරයෙන්ම වෙනසක් නැතිව සිදුවෙනවා. ලංකාවේ මේ කරන සේවාවල් හුඟක් අගේ කළයුතුයි...
තවත් කරුණක් තමයි මේ වයිරසයට ඔරොත්තු දෙන්න විටමින් ඩී සිරුරට යහමින් අවශ්‍ය හේතුව... ඒ නිසා තමයි මේ එළිමහනේ සැරිසරන්නේ...
චීන්නු ලංකාවට ගොඩබැස්සාට පස්සේ කිසිම නිරෝධායනයක් නැතිව ගුවන් තොටුපළින් එළියට එනවා. කොහොමද එහෙම වෙන්න ඉඩදීලා තියෙන්නේ...?
චීනය , කොරියාව , ඉතාලිය ඇතුළු රටවල් රැසකට කොරෝනා බෝ කරමින් ලංකාවටත් බෝ කල ශ්‍රී ලාංකිකයින් ගැන නොදැනද මේ විදේශිකයින් මෙලෙස හැසිරෙන්නේ. ලංකාවේ ප්‍රවෘති හා පත්තර නොබලන විදේශිකයින්ට කොරෝනා තෑග්ගත් අරගෙනම මේ රටින් යන්න වෙයි.
විදේශිකයන් පැමිණෙන ගුවන් තොට වසා නොදමිමේ ප්‍රතිඵල නුදුරු අනාගතෙදීම දක්නට ලැබේවි.... මේ මෝඩ 225 තීරණ හැමදාම අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා දැමීමයි.
මේවා දැක්කම තේරෙනවා ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන විදිය හරි මදි කියල. ඔවුන් එලවන්න නොවෙයි තිබෙන්නේ, එහෙත් මෙතරම් සංඛ්‍යාවක් විදේශිකයින් නිදහසේ ගැවසීමෙන් තේරෙන්නේ අපිට පනවන නීති විදේශිකයින්ට හරිහැටි ක්‍රියාත්මක නොවෙන බව. හරිම දුකයි. ඔවුන්ට පිටවී යන්න සාධාරණ කාලයක් දීල හරි රට අවදානමෙන් මුදා ගන්න ඕනේ නේද?