ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 102,026කි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 200කට වැඩි ගණනකර ව්‍යාප්ත වී ඇත.
ලොවපුරා 1,681,964 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර වයිරසය ආසාදනය වූ 374,509කු සුවය ලබා ඇත.
කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
ද ගාඩියන්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd