IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනාවෙන් පීඩාවුවනට අම්බලන්ගොඩ නගර සභාවෙන් ලක්ෂ 65ක්

( එම් .සුසිල් ප්‍රියන්ත )

කොරෝනා වසංගතය නිසා සිය බල ප්‍රදේශයේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට අද (12 ) අම්බලන්ගොඩ නගර සභාව රුපියල් ලක්ෂ හැටපහක් වෙන් කිරීමට පියවර ගත්තේය.

ඒ නගර සභා සභාපති නීතීඥ අරුන ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12 ) පෙරවරුවේ අම්බලන්ගොඩ මහජන පුස්තකාලයීය දෙමහල් රැස්වීම් ශාලාවේ පැවති විශේෂ සභා රැස්වීමේදී මේ තීරණය ගනු ලැබුවේය.

සිය බල ප්‍රදේශයේ ඇති කොට්ඨාස දහතුනනේම අඩු ආදායම්ලාභී පවුල් ආවරණය වන පරිදි මේ සහන ලබාදීමටද මෙහිදී තිරණය කෙරුනු අතර එක් කොඨාසයකට රුපියල් ලක්ෂ පහක් බැගින් මේ රුපියල් ලක්ෂ හැටපහ අම්බලන්ගොඩ නගර සභාව විසින් තීරණය කරන ලදි .

කොරෝනා ඇදිරි නීතිය නිසා නිවසටම කොටුවී සිටින සිය බල ප්‍රදේශයේ ජනතාවට වියලි ආහාර ,එලවලු ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නිවසටම ලබා දීමටද මෙහිදී වැඩි දුරටත් මෙහිදී තීරණය කෙරිණ.
 



අදහස් (1)

කොරෝනාවෙන් පීඩාවුවනට අම්බලන්ගොඩ නගර සභාවෙන් ලක්ෂ 65ක්

de silva Sunday, 12 April 2020 11:43 AM

අනේ මේ බොරු. මේගොල්ල දෙන සහනයක් නැහැ. ඕනේ නම් සහන දෙනවා කියලා කියක් හරි සාක්කුවේ දමාගනීවි. ඔය සභාවේ ඉන්න වැල්ල පැත්තේ ගේ හදාගෙන හිටපු එක මන්ත්‍රී කෙනෙකු දැනට අවරුදු 10-15 උඩදී ගමන් ගියේ පාපැදියෙන්. අද සුඛෝපභෝගී වාහනයක්, බැකෝ යන්තර 2-3 ,ටිපර් කිහිපයක් හිමිකරුවෙක්. කොන්ත්‍රාත්කරුවන්, මේ අය ගැන දන්නෝ දනිති. තම මන්ත්‍රී වැටුපත් සභාවට පරිත්‍යාග කරපු මිචෙල් සර් , සුමනතිලක මහත්මය වැනි පරහිතකාමී දේශපාලකයන් අද පරලොව ගිහින්.එවැනි කෙනෙකු ඔය සභාවේ අද බෙහෙතකටවත් සොයාගැනීමට නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site