(එම් .සුසිල් ප්‍රියන්ත)
මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් තමන් උග්‍ර ජල හිඟයකට මුහුණදී ඇතැයි කරන්දෙණියේ ජනතාව කියති.
ඇඳිරි නීතිය නිසා සිය දෛනික ජීවිතයට අවශ්‍ය වතුර සොයා ගෙන යාමට නොහැකිවීමෙන් තමන් අන්ත අසරණ තත්වයකය පත්ව ඇති බව ඔවුහු කීහ
තමන් මෙසේ ජල හිඟයෙන් පිඩා විදීමට සිදුව ඇත්තේ ජල නල පද්ධතියක් නැති ලංකාවේ එකම නගරය කරන්දෙනිය නිසා බවද ඔවුහු කියති.
කරන්දෙණියේ සැම ප්‍රදේශයකම විශාල ජල හිඟයක් පවතින බවත් ඒ අතරින් මහගොඩ ,දංගහවිල ,බොරකන්ද ,කිරිපේද්ද ,කොස්වතුමානාන , මඩකුඹුර , දිවියගහවෙල , වැලිවිටියදිවිතුර යන ප්‍රදේශවල ජල හිඟය උග්‍ර වී ඇති බවත් ජනතාව කියති.
නෑමට ,වැසිකිලි කැසිකිලි සඳහා ,රෙදී සේදීමට සහ බීමට වතුර සොයා ගැනීමත් දුෂ්කර කාර්යක් වී තිබෙන බවද ඔවුහු කියති .
ඇඳිරි නීතිය නොතිබුනේනම් වතුර තිබෙන ප්‍රදේශ කරා ගොස් සිය ජල අවශ්‍යතා ඉටුකර ගැනීමට තිබූ බවත් අඩුම තරමින් සිය බල ප්‍රදේශය අවට බල ප්‍රදේශවල ගඟකට , දොලකට හෝ ඇලකට ගොස් දිය නා රෙදි ටිකවත් සොදා ගැනීමට තිබූ බවත් ජනතාව කියති .
මින් පෙර කවදාවත්ම තමන්ට මෙවැනි ජල හිඟයකට මුහුණදීමට සිදු නොවූ බව පවසන ඔවුහු මේ වනවිට තමන් ජල අවශ්‍යතා සපයාගත් ළිං සියල්ල සිදී ගොස් තිබෙන බවද කියති .
කරන්දෙණිය ප්‍රාදේශීය සභාව ජල බවුසරයක් මාර්ගයෙන් ඉතා සීමිත ජලය ප්‍රමාණයක් ලබාදෙන බවත් එසේ දෙන ජලය ඒ අවස්ථාවට පමණක් ප්‍රමානවත් බවද ජනතාව පැවසූහ.
මේ සම්බන්ධයෙන් කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණි අමරවංශ මහතා මෙසේ පැවසීය.
‘‘මේ වගේ ජල හිඟයක් කවදාවත්ම කරන්දෙණියට බලපාලා නැහැ.අපි බෙදල දෙන ජලය දැනට පවතින ජල හිඟයට කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව ඉතාම පිලිගන්නවා.ඇඳිරි නීතිය අස්සේ අපේ ජනතාවට නාන්න ,රෙදි සෝද ගන්න යන්න බැහැනේ .ඒකත් අපේ අහිංසක ජනතාවට බලපැවා. අපේ නගරය හරහා නළ ජල පද්ධතියකුත් නැ. අපේ ජනතාව ජල හිඟයෙන් පීඩාවට පත්වෙලා ඉන්න එක මුසාවක් නෙමෙයි‘‘.
2025 නොවැම්බර් මස 04
279
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2116
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරන්දෙණියට උග්‍ර ජල හිඟයක්
Pradeep Friday, 10 April 2020 03:09 AM
ඉතාමත් ඛේදනීයයි. අප වැනි රටකටත් මිනිසුන්ට අවශ්‍ය මුලික අවශ්‍යතාවයක් වන ජලය ලබා දීමට නොහැකි නම් එතන ඇත්තේ අපගේ පාලන තන්ත්‍රයේ වරදක් මිසක් වෙනකක් නොවේ. කිසිදු ජල උල්පතක් නොමැති කරදියෙන් වටවූ කුඩා කුඩා දුපත් රාජ්‍යයන් පවා තම ජනතාවට අවශ්‍ය ජල පහසුකම් සපයා තිබෙන අවධියක අප සිටින්නේ කොහෙද..? අනික දිනෙන් දින සිදුවන මහා වන සංහාරයට කිසිදු රජයකින් පිළියම් නොගැනීමත් තවත් මුලික හේතුවක්. මෙයට පිළියම් සෙවීමට අප දැනටමත් බොහෝ ප්‍රමාදයි. අවම වශයෙන් දැන්වත් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නේ නම් ඉදිරියේ ඇති වියහැකි දරුණු නියං තත්වයන්ට මුහුණ දීමට යම් පමණකින් හෝ අපට හැකි වේවි.
Yas Friday, 10 April 2020 06:36 AM
මිනීකන ජාතිවාදීන්......