IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කරන්දෙණියට උග්‍ර ජල හිඟයක්

(එම් .සුසිල් ප්‍රියන්ත)

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් තමන්  උග්‍ර ජල හිඟයකට මුහුණදී ඇතැයි කරන්දෙණියේ ජනතාව කියති.

ඇඳිරි නීතිය නිසා සිය දෛනික  ජීවිතයට අවශ්‍ය  වතුර සොයා ගෙන යාමට නොහැකිවීමෙන්  තමන් අන්ත අසරණ තත්වයකය පත්ව ඇති බව ඔවුහු කීහ

තමන් මෙසේ ජල හිඟයෙන් පිඩා විදීමට සිදුව ඇත්තේ ජල නල පද්ධතියක් නැති ලංකාවේ එකම නගරය කරන්දෙනිය නිසා බවද ඔවුහු කියති.

කරන්දෙණියේ  සැම ප්‍රදේශයකම   විශාල ජල හිඟයක් පවතින බවත් ඒ අතරින්  මහගොඩ ,දංගහවිල ,බොරකන්ද ,කිරිපේද්ද ,කොස්වතුමානාන , මඩකුඹුර , දිවියගහවෙල , වැලිවිටියදිවිතුර යන ප්‍රදේශවල ජල හිඟය උග්‍ර වී ඇති බවත් ජනතාව කියති.

නෑමට ,වැසිකිලි කැසිකිලි සඳහා ,රෙදී සේදීමට සහ බීමට වතුර සොයා ගැනීමත් දුෂ්කර කාර්යක් වී තිබෙන බවද  ඔවුහු කියති .

ඇඳිරි නීතිය නොතිබුනේනම් වතුර තිබෙන  ප්‍රදේශ කරා ගොස් සිය ජල අවශ්‍යතා ඉටුකර ගැනීමට තිබූ බවත්  අඩුම තරමින් සිය බල ප්‍රදේශය අවට බල ප්‍රදේශවල ගඟකට , දොලකට හෝ ඇලකට ගොස් දිය නා රෙදි ටිකවත් සොදා ගැනීමට  තිබූ බවත්  ජනතාව කියති .

මින් පෙර කවදාවත්ම තමන්ට මෙවැනි ජල හිඟයකට මුහුණදීමට සිදු නොවූ බව පවසන ඔවුහු මේ වනවිට  තමන් ජල අවශ්‍යතා සපයාගත් ළිං සියල්ල සිදී ගොස් තිබෙන බවද කියති .

කරන්දෙණිය ප්‍රාදේශීය සභාව ජල බවුසරයක් මාර්ගයෙන් ඉතා සීමිත ජලය ප්‍රමාණයක් ලබාදෙන බවත් එසේ දෙන ජලය ඒ අවස්ථාවට පමණක් ප්‍රමානවත් බවද ජනතාව පැවසූහ.

මේ සම්බන්ධයෙන්  කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණි අමරවංශ මහතා මෙසේ පැවසීය.

        ‘‘මේ වගේ ජල හිඟයක් කවදාවත්ම කරන්දෙණියට බලපාලා නැහැ.අපි බෙදල දෙන ජලය දැනට පවතින ජල හිඟයට කිසිසේත්ම  ප්‍රමාණවත් නැති බව ඉතාම පිලිගන්නවා.ඇඳිරි නීතිය අස්සේ අපේ ජනතාවට නාන්න ,රෙදි සෝද ගන්න යන්න බැහැනේ .ඒකත් අපේ අහිංසක ජනතාවට බලපැවා. අපේ නගරය හරහා නළ ජල පද්ධතියකුත් නැ. අපේ ජනතාව ජල හිඟයෙන් පීඩාවට පත්වෙලා ඉන්න එක මුසාවක් නෙමෙයි‘‘.

 



අදහස් (2)

කරන්දෙණියට උග්‍ර ජල හිඟයක්

Pradeep Friday, 10 April 2020 03:09 AM

ඉතාමත් ඛේදනීයයි. අප වැනි රටකටත් මිනිසුන්ට අවශ්‍ය මුලික අවශ්‍යතාවයක් වන ජලය ලබා දීමට නොහැකි නම් එතන ඇත්තේ අපගේ පාලන තන්ත්‍රයේ වරදක් මිසක් වෙනකක් නොවේ. කිසිදු ජල උල්පතක් නොමැති කරදියෙන් වටවූ කුඩා කුඩා දුපත් රාජ්‍යයන් පවා තම ජනතාවට අවශ්‍ය ජල පහසුකම් සපයා තිබෙන අවධියක අප සිටින්නේ කොහෙද..? අනික දිනෙන් දින සිදුවන මහා වන සංහාරයට කිසිදු රජයකින් පිළියම් නොගැනීමත් තවත් මුලික හේතුවක්. මෙයට පිළියම් සෙවීමට අප දැනටමත් බොහෝ ප්‍රමාදයි. අවම වශයෙන් දැන්වත් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නේ නම් ඉදිරියේ ඇති වියහැකි දරුණු නියං තත්වයන්ට මුහුණ දීමට යම් පමණකින් හෝ අපට හැකි වේවි.

:       0       14

Yas Friday, 10 April 2020 06:36 AM

මිනීකන ජාතිවාදීන්......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site