කියුබාවේ කොවිඩ් මරණ අවම වීමේ රහස වනුයේ කොවිඩ් - 19 ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයින්ගේ අධික වේදනාව සමනය කළ හැකි ඖෂධ දෙකක් නිපදවීම යැයි කියුබා රජය කියා සිටී.
එම ඖෂධ නිපදවීමට සිය ජෛව තාක්ෂණ කර්මාන්තය සමත් වී ඇති බව කියුබාව පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් රට තුළ කොවිඩ් මරණ අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි වී ඇති බවයි.මේවන විට කියුබාවෙන් කොවිඩ් මරණ 81 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2000කට ආසන්න වේ.ඒ අතරින් 1600 කට අධික සංඛ්‍යාවක් සුවය ලබා තිබීම විශේෂත්වයකි.
කොවිඩ්-19 වසංගතයට ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමෙන් රට තුළ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට කියුබාව සමත් විය.මාර්තු මාසයේ සිට එරට දේශසීමා , පාසල් සියල්ල වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ.
එමෙන්ම ජනතාවට නිවෙස් තුළටම වී සිටින ලෙසට රජය විසින් උපදෙස් දෙනු ලැබුණි.
කියුබාව අද එම වැඩපිළිවෙලේ සාර්ථකත්වය භුක්ති විඳිමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
(ගාඩියන් ඇසුරෙනි )
( 125 )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් යකෝ මෙහෙ මරණ 9යි නේ. ඒ අයට වඩා අපි සුපිරියිනේ...
කියුබාවේ විප්ලවය 2.0?
ඒ අය නොම්මර කියනවා. අපි ඒවා අදහනවා.
කියුබානු ජනගහනය මිලි. 11 - ආසාදිතයන් 2000, මරණ 81, ශ්‍රී ලංකාවේ ජනගහනය මිලි. 21 - ආසාදිතයන් 1184, මරණ 9
ලංකාව ඔය කියුබාවට වඩා 10 ගුණයක් හොඳයි, හැබැයි මෙහෙම ලිපියක් ලංකාවේ නම දාලා ලියයිද?
මේකනේ... මෙහෙ ප්‍රශ්නේ ඔය මෙහෙ ලෙඩ්ඩු අඩු වුණු එක ගැන අඩු මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන එක ගැන දුක්වෙන කට්ටියකුත් ඉන්නවා. ඒ හාදයෝ කැමති මෙහෙත් හෝල් සේල් මළා නම් තමයි පව්...!
එතකොට ලංකාවේ රහස ලෝකෙට හෙළිකරන්නේ නැතෙයි ?
ලංකාවේ කොරෝනා රෝගීන්ට දෙන බෙහෙත් මොනවද කියලා කවුරුවත් දන්නවද?
එතකොට කියුබාව තමයි එක..
කොරෝනා සටනට අපේ සුව සේවකයෝ, හමුදාව,පොලිසිය සහ අනිකුත් දායකත්වය දුන්නු අය කළ සේවාවේ තරම මේ බයියන්ගේ කයියෙන් තේරෙනවා නේද? අපි ගැන අපිවත් ලියාගෙන සතුටුවෙමු. කව්රුත් ඕනේ නැහැ.