(මහින්ද නිශ්ශංක)

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන රුපියල් කෝටි 36 1/2 වටිනා අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ජපන් රජය විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට පරිත්‍යාග කර තිබේ.

මෙම අත්‍යවශ්‍ය උපකරණ තොගයට විදුලි ජනක යන්ත‍්‍ර (ජෙනරේටර්ස්), අධි පීඩන ජල විදින යන්ත‍්‍ර සහ ශ්‍රී ලංගමට අත්‍යවශ්‍ය උපකරන තොගයක්ද ඇතුලත් වෙතැයි ශ්‍රී ලංගමය පවසයි.

ජපන් රජයෙන් ලැබුණු මෙම උපකරණ පරිත්‍යාගය මඟී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංගම සභාපති කින්ස්ලි රණවක මහතාට උඩහමුල්ල ඩිපෝවේදී ඊයේ (05) පස්වරුවේ බාරදෙනු ලැබීය.

එම පරිත්‍යාග ශ්‍රී ලංගම ඩිපෝ 106 සදහා ශ්‍රී ලංගම ප‍්‍රාදේශිය කළමණාකරුවන්ට හා ඩිපෝ කළමණාකරුවන්ට එදිනම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් බාරදෙන ලදී.