IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


කටාර් හි සිටින ලාංකිකයින් ගෙන්වා ගන්නැයි සංදේශයක්

( තිළිණි ද සිල්වා )
 
කටාර් රාජ්‍යයේ සේවයේ නියුතුව  සිටින ශ්‍රී ලාංකිකයින් 800 කට ආසන්න පිරිසක්  විසින් තමන්ව යළි දිවයිනට  ගෙන්වා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් කටාර්යේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සංදේශයක් බාර දී ඇතැයි එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කර සිටී.
 
මෙලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇත්තේ සමස්ත සේවකයින් 9000 කින් යුතුව පවත්වා ගෙන යන කටාරයේ   ප්‍රධාන ගමනාගමන ආයතනයක්වූ " මෝවාසලාට් ( කර්වා ) ට්‍රාන්ස්පෝට් කම්පැනි " හී  සේවය කරන 800ක පමණ වන ලාංකික ශ්‍රමිකයින් පිරිසකි.
 
සාමාන්‍යයෙන් දිනකට කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 1000කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් , එම වයිරස් ව්‍යාප්තිය පැවතුණ ද එහි සිටින සේවකයින්ට සේවා ස්ථාන වලට යා යුතුව ඇති බව එම ලාංකික සේවක පිරිස ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිය ලිපියෙන්  දන්වා ඇත.
 
වයිරසය ආසාදනය වී  සිය රැකියා ආයතනයේ බොහෝ පිරිසක් රෝහල් ගත වන සේම , නිරෝධායනයට යොමු කෙරුණද  ඔවුන්ට සිදු වන්නේ කුමක්දැයි යන්න දැන ගැනීමට සහෝදර සේවකයින් ලෙස තමන්ට දැන ගැනීමට  නොලැබෙන බවද එම ලාංකික සේවකයෝ කියා සිටිති.
 
මේ තත්ත්වය තුල තමන්ට ජීවිත අවදානමක් පවතින බැවින් , තමන් සියලු දෙනාම යළි දිවයිනට ගෙන්වා ගන්නැයි  ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු පාර්ශව වලින් කාරුණිකව ඉල්ලා සිටින බවද එම ලාංකික  ශ්‍රමිකයින්  තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටිති.
මෙම තත්ත්වය පිළිබඳ එරට පිහිටි තානාපති කාර්යාලයට ලිඛිතව දැනුම් දුන්නද තවමත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඔවුහූ කියා සිටිති.
 
එබැවින් එම ස්ථානයේ සියලු සේවකයින් සිටින්නේ ජීවිත අවධානමක බවත් එනිසා තමන්ව හැකි ඉක්මනින් මව් රටට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම පිරිස පැවසීය.



අදහස් (12)

කටාර් හි සිටින ලාංකිකයින් ගෙන්වා ගන්නැයි සංදේශයක්

mihira Wednesday, 29 April 2020 01:00 PM

පිස්සුද..? වැඩ කරන අය ගෙන්නගෙන නැහැ... සල්ලිකාරයන්ගේ රට ඉන්න දරුවෝ විතරයි ගෙන්න ගන්නේ... ඔන්නම් චන්දෙට ගේන්නම්...

:       66       680

Priyantha Wijerathna Wednesday, 29 April 2020 01:16 PM

අපෙත් අදහස සහ ඉල්ලීම ඉක්මනින් ගෙන්වා ගන්න කටයුතු කරන්නේ නම් මැනවි... පවතින අවස්තාවේ ලක් රජය අපහසු තාවයට පත් කරන්න අපි උත්සහ නොකරන්නෙමු , තානාපති කාරියාලයේ මිනිසුන් ඔවුන්ට පුළුවන් සියලු දේ කරනවා .සමහර අවස්ථා වලදී ඔවුන් ද අසරණයි .අපි දෝහා නගරයේ සිටිමු .එහෙත් කර්මාන්ත ප්‍රදේශවල අපේ සහොදරයෝ අසරණ වී තිබේ. අප පිලිබදව වරදවා නොසිතන්න. සමස්ත ලෝක වාසීන්ට සම්මා සම්බුදු සරණයි...!!!

:       0       40

Priyantha Wijerathna Wednesday, 29 April 2020 01:20 PM

මගේ මුලින් ප්‍රතිචාරයට මෙයත් එකතු කරන්න. කටාර් රජයේ සියලුම අංශ ඔවුන්ට හැකි හැම දෙයක්ම කරන වගත් කිය යුතුය. ස්තුතියි

:       16       10

chandima Wednesday, 29 April 2020 01:42 PM

දෙවියෝ කොරෝන වයිරසේ එවල තියෙන්නේ ගහක් කොලක් හිටවගෙන කල බිලා ගෙදරට වෙලා පාඩුවේ ඉන්න ගැත්තෝ මරන්න නොවෙයි, මිනිස්සුන් ගෙන් වහල් වැඩ අරගෙන මහපොළොවේ තිබෙන අපද්‍රව්‍ය ලෝකේ පුරා පතුරමින් කුමාර ජිවිත ගෙවන උන්ව නැති කරන්නයි. මල්ලිලා කොරෝන හැදුනාම නිකන්ම රට අත්හැරලා එන්න එපා කුවේට් ධන කුවෙරයන්වත් බැහැ දැකලම එන්න.

:       71       2

PrabhaWednesday, 29 April 2020 04:41 PM

හරකෙක් වගේ තප්පුලන්න එපා... මෙ මිනිස්සු වහල්කම් කරන්න හරි ගිහින් තියෙන්නේ නැතිබැරිකම නිසයි. හම්බ කරන හැම සතයක්ම ලංකාවට එවන මෙ අය ගෙන්නා ගැනීම ආණ්ඩුවෙ යුතුකමකි.

:       0       109

chandimaWednesday, 29 April 2020 11:21 PM

අම්මපා මෙයාට ලියලා තියෙන සිංහල තේරුම් ගන්නවත් බැහැනේ...

:       0       0

ධම්ම Wednesday, 29 April 2020 02:11 PM

ගෙන්වා ගත් සිසුන් අතර මෙවන් අයගේ දරුවනුත් සිටින බව අමතක කරන්න එපා.

:       138       25

mihira Wednesday, 29 April 2020 03:04 PM

ඔව්, සිය ගණනක් මුහුණු මැද්දේ ඉන්න එකෙක් දෙන්නෙක් ගෙන්න වෙනවා තමයි පොඩි අය...

:       0       114

ass charyaThursday, 30 April 2020 03:43 AM

නැතුව නැතුව ධම්ම මෙයාලා කරන ඔක්කොම ඔයාලට හරිනේ.

:       0       0

Ananda Wanasinghe. Thursday, 30 April 2020 01:44 AM

අපේ ආයතනයේ සේවකයින් 15ක් විතර සේවයෙන් ඉවත් කරලා මාස දෙකක් විතර ඇති. වැටුප් ගෙවන්නෙත් නැහැ. තානාපති කාර්යාලයට කතා කලත් සහනයක් නෑ අපිවත් අප රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන්න.

:       0       0

Saman Thursday, 30 April 2020 03:35 AM

රට විරුවෝ චන්ද කාලේ විතරයි. දැන් නිකන් හාල් කෑලී.

:       0       0

shantha Qatar Thursday, 30 April 2020 10:41 AM

මම නිතරම ප්‍රතිචාර දක්වන කටාර් වල සේවය කරණ කෙනෙක්. දෛනික වැඩිවන අසාදිත ගණන වැඩිවෙනවා. සමහර දවස් වල 1000ක් පනිනවා. නමුත් ඔවුන්ට වෙන්නේ මොකක්ද කියල කව්රුත් දන්නේ නැහැ. අරගෙන යනවා විතරයි. කර්මාන්ත අශ්‍රිතව සේවය කරන්නන් දැන් මාසයක් පමණ කාලයක් හුදකලා කරල තියෙන්නෙ. මුලින් ඔවුන්ට ආහාර සහ වෙනත් අවශ්‍යතා සපුරා දුන් නමුත් දැන් ඒ සියල්ල ඉවරයි. කරුණාකර මේ ගැන සොයා බලා නිසි පියවරක් ගන්න....

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම් උදාවලටත් සින්නක්කර ඔප්පු
2024 ජුලි මස 15 26 0

දිවයින පුරා ඇති සියළුම උදා ගම්මාන වල මෙතෙක් සින්නක්කර ඔප්පු නොලැබුණු 34,000කට හිමිකම් ඔප්පු දෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්ච


ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තහනම් කරන්න යයි
2024 ජුලි මස 15 304 0

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීම එරට රජය තීරණය කර ඇතැයි එරට තොරතුරු අමාත්‍ය අතුල්ලා තරාර් අද (15) පැවැති ම


ජනපතිවරණයට එරෙහි පෙත්සම විසි වේ:ලක්ෂ පහක දඩයකුත් නියම වේ
2024 ජුලි මස 15 1077 1

ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගෙනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල ව


විදුලි බිල දැනෙන්න අඩු කරයි
2024 ජුලි මස 15 873 4

මාසික විදුලි බිල සමස්ථයක් ලෙස සියයට 22.5කි පහත දැමීමට තීරණය කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවැසීය.


හොර වෙදෙක් අල්ලන්න පොලිසියට නියෝග
2024 ජුලි මස 15 490 0

වෛද්‍ය බලපත්‍රයක් නොමැතිව වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් බාල වයස්කාර දරුවන් දෙදෙනෙකුට ප්‍රතිකාර කළේ යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වහාම අධිකර


මොලේ උණ වැලදී රැඳවියෙක් මරුට
2024 ජුලි මස 15 182 0

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගාල්ල බන්ධනාගාර රැඳවියෙකු මොලේ උණ රෝගය වැළඳිමෙන් මියගොස් ඇතැයි ගාල්ල බන්ධනාගාර අධිකාරි පුළිණ කරුණාරත්න මහතා ප


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 87 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 925 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1808 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site