(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
කටුපොත ප්‍රාදේශීය රෝහලේ හදිසියේ රෝගියකු මියයාම හේතුවෙන් එම රෝහලේ බාහිර රෝගී අංශය අද (16) දහවල් තාවකාලිකව වසා දමා ඇත.
වයස අවුරුදු 48 ක් පමණ වූ මෙම පුද්ගලයා පන්නල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර අද උදෑසන කටුපොත ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි අවස්ථවේදී හදිසි සෙම් රෝගයක් හේතුවෙන් රෝහල් ගත කර තිබිණි.
කෙටි වේලාවකදී රෝගියා මියයාම නිසා රෝහලේ බාහිර රෝගී අංශය වසා දමා කිසිවෙකුත් රෝහලට ඇතුලුවීම වලකාලනු ලැබ ඇත.
මෙම රෝගියා මියගියේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන්ද කියා පරීක්ෂා කිරීමට දේහය කුලියාපිටිය මහ රෝහලට ගෙන යාමට නියමිතය.කටුපොත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්මසිරි මහතාගේ මෙහෙයවීමෙන් රෝහල අසල විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
මැද්දකැටිය හදිසි මරණ පරීක්ෂක පාලිත ඉලංකෝන් මහතා විසින් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කටුපොත රෝහලේ බාහිර රෝගී අංශය වසා දමයි