රේඛා තරංගනී ෆොන්සේකා

කෝට්ටේ මහා නගර සභා බලප්‍රදේශයේ බාගෙට ඇරපු  කඩ හිමියන් දැනුවත් කර කඩ වසා දැමීමට  අද (24) පියවර ගත්බව කෝට්ටේ මහා නගර සභා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා පැවසිය.

කොරෝනා වසංගතය පැතිරිම වලකාලීමට පනවා ඇති ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් බඩු අලෙවි කිරීම ගැටලු රැසකට මග පාදන්නක් බව පෙන්වා දෙන ඒ මහතා නව වැටලිම් අතර කඩ හිමියන් දැනුවත් කිරීමද සිදුකල බව පැවසීය.

කෝට්ටේ මහා නගර සභා පුරපති මධුර විතානගේ මහතාගේ උපදෙස් මත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොඳිගු මහතාගේ අධික්ෂණයෙන් කෝට්ටේ මහා නගර සභා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා සහ මහජන සෞඛ්‍ය පරික්ෂක ලහිරු කරුණාරත්න ඇතුළු කණ්ඩායම මෙම වැටලීම සිදු කලහ.