( ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද( 19 )අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
මොවුන් ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරණ විශේෂ ගුවන් යානයෙන් අද(19 )අලුයම 5.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් පිරිස අතරින් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් බව වාර්තා වේ
මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.
පරීක්ෂණ සදහා යොමු කෙරුණි .
එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් වල තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබුණි .
COMMENTS
වෛද්‍ය විද්‍යාව (වෙද මාෆියාවට හසුවූ ලාංකික බිල්ලා) හැරුණු කොට අනෙකුත් උසස් අධ්‍යාපනික සියලුම විෂයන් ලංකාවේ හැදෑරීමට සියලු පහසුකම් තිබෙද්දිත්, දරුවන්ව තරගෙට රටපටවපු දෙමව්පියන්ට මේවා හොඳ පාඩම්. ඒ වගේම ශ්‍රී ලංකාව ආසියාවේම අධ්‍යාපන කේන්ද්‍රය කරගැනීමට තිබෙන කරගැනීමට තිබෙන මහඟු අවස්ථාව, ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී පක්ෂයේ අදුරදර්ශී, පටු චින්තනයකින් යුත් පසුගාමී පක්ෂ දේශපාලනය නිසා, අපේ රටේ තරුණ පරපුරත් විශාල අධ්‍යාපනික පසුබෑමකට ලක් වෙනවා.
තරගෙට රට පටවන කතාව නම් හරියට හරි භද්‍රානි... ලංකාවේ සයිට් කාලයේ අපි උන්නද, මළාද බලපු නැති ඥාතියෙක් ගිය අවුරුද්දේ අපිට කතාකළා... බලනකොට දුව ඕස්ට්‍රේලියාවට එවන්න උදව් ගන්න... එයාගේ අසල්වාසී දෙන්නෙකුගේම ළමයින් පිටරට නිසා ඒ ගොල්ලොත් ළමයා එවන්න හිතුවලු...