IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියාවේ රැස්විය හැකි උපරිම ගණන 2යි

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශීවීම් පුද්ගලයන් දෙදෙනකුට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.
 
මීට පෙර ඕස්ට්‍රේලියාවේ මහජන ඒකරාශීවීම් දස දෙනකුට සීමා කිරීමට එරට රජය පියවර ගෙන තිබිණි.
 
ඊට අමතරව වාණිජ සහ නේවාසික කුලී නිවාසවලට මාස හයක සහන කාලයක් ලබාදීමට පියවර ගන්නා බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවැසීය.
 
කොරෝනා වයිරසය හේතුවෙන් ලොව අනෙක් රටවල මෙන්ම ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
 
මේ හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල වී තිබෙන අතර තෙවැනි ආර්ථික සහන පැකේජය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කීය.
 
කඩසාප්පු වසා දැමීමට ද ඔස්ට්‍රේලියාව පියවර ගෙන ඇති අතර එසේ වුවත් ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා සේවකයන්ට වැටුප් ගෙවීම සඳහාත් ආර්ථික සහන පැකේජයට වැටුප් සුරක්ෂිතතා ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව ද ඔස්ට්‍රේලියානු රජය සඳහන් කළේය.
කුලී නිවාස යනාදියේ වාණිජ ගිවිසුම් සහ කොන්දේසි සාකච්ඡා කර සහනයක් ලබාදීමට පියවර ගන්නැයි ද නිවාස හිමියන්ට සහ ඒවායේ කුලී නිවැසියන්ට ඔස්ට්‍රේලියානු රජය උපදෙස් දී ඇත.
 
මේ අදාළ සියලු ක්‍රියාමාර්ගවලට අග්‍රාමාත්‍යවරයා කඩිනමින් අත්සන් තබනු ඇතැයි ද ඔස්ට්‍රේලියානු රජය සඳහන් කළේය.
 
ද ගාඩියන්
 
055 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ රැස්විය හැකි උපරිම ගණන 2යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 653 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 539 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site