(තිස්ස කොටින්කඩුව)
ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වී ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.
ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු ඇසුරු කළ පිරිසට ස්වයං නිරෝධායනය වීමට උපදෙස් ලබාදී තිබුණද එය කඩකර නිවෙස් වලින් බැහැරව සිටි පිරිසක් බස්නාහිර පළාත් නාවික බුද්ධි අංශ නිලධාරින් විසින් පසුගියදා සොයා ගනු ලැබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා කීය.
මෙසේ කොරෝනා ආසදනය වූ 28 දෙනා අතර සිටි එක් පුද්ගයෙකුගේ බිරිඳකටද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
වෛද්‍ය පරීක්ෂණ වලින් පසු ඇයටද කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කීය.
ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයා සහ නාවික හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් නිනෝධායන මධ්‍යස්ථාන වෙත යෙමුකළ පිරිස මත්ද්‍රව්‍ය වලට ඇබිබැහිවූවන් බවත් මොවුන් තැනින් තැන සැරිසරා ඇති බවත් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන් බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
කුඩ්ඩන් කොපමණ උගත් ධනවත් වැදගත් පවුල්වල අයවලුන් වුවත් සමාජයට පිළිලයක් බවත් බුද්ධියට සහ මනුසත්භාවයට නිගා දෙන්නන් බවත් පැහැදිලියි. මොවුන් සමාජ ඇසුරින් ඉවත් කිරීමට දිගු කාලීන වැඩ කඳවුරු මොනවා හරි දෙයක් බලෙන්ම සමාජයට සේවාවක් වෙන විදියට කරවගන්න සහ ඔවුන්ගේ වියදම උපයන ආකාරයෙන් ප්‍රතිකාර ලබාදීමත් කර ගන්න සිදු වෙනවා නොවේද? එහෙම වුනොත් අඩු තරමින් බයට හරි ඕව අඩුවෙයි. ඔවුන් නඩත්තුවට රජයේ වියදමත් නවතගන්න හැකිවෙයි.
මේ ගැන මීට ටික දවසකට පෙර ලිපියක් පලවුනා. එහි මා දැමූ අදහස් ඇත්ත බව දැන් වැටහෙනවා ඇති. මේ අය ලංකාව විනාශ කරන කුඩුකාරයෝ. පුනරුත්ථාපනය කළාට වැඩක් නෑ ආයේ කුඩු ගහනවා. මේ කාලය සමාජය සුද්ධ පවිත්‍ර කරන්න කාලයයි. ඒකයි කිව්වේ එදා මේ අය නිරෝධායනය නොකර මුහුදට දාන්න කියලා.
රටෙ ජාතික ධනය මෙ අයට වියදම් කරන්න වූ එක පවක්...
මේ අයගේ ක්‍රියා කලාපය ගැන මීට ප්‍රථමයෙන් සිතන්න තිබුනා නේද ?
ආණ්ඩුවට බැන බැන කට්ටි පැනපු එකේ ප්‍රතිඵල පේනවා නේද ? දැන් විදවන්න.
ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේ ඔබ එනතුරු මග බලා සිටි... ඉක්මන් කරපල්ලා. ආමෙන්.
පළමු ලෙඩා හමුවූ පසු ඔහු ආශ‍්‍රය කළ පිරිස හට රෝගය වැළදී ඇතිදැයි නොසොයා ඔවුන්ට නිදැල්ලේ හැසිරෙන්න දීපු එකේ වගකීම ආණ්ඩුව බාරගන්න ඔනේ...
දෑ අවුරුදු සිරදඬුවමක් නැතුව මෙයාලා හදන්න බැහැ.
භාවිත කළේ මත්ද්‍රව්‍ය. වැදුනේ කොරෝනා.