මාර්තු 18 - බී.බී.සී. (ලන්ඩන්)

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උලෙළ සහ පැරලිම්පික් ක්‍රීඩා වෙනුවෙන් කෙරෙන ජාතික මට්ටමේ පුහුණුවීම් අත්හිටුවීමට රටවල් කිහිපයක් පියවර ගෙන තිබේ.
කොලොම්බියාවෙන් පැමිණි මේස පන්දු සහ ජිම්නාස්ටික් ක්‍රීඩා කණ්ඩායම් සිය පුහුණුවීම් නවතා දමා ඇත.
බ්‍රිතාන්‍යයේ රෝදපුටු පැසිපන්දු කණ්ඩායම ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් පුහුණුවීම් අත්හිටුවා දමා තිබේ. ඔවුන්ගේ පුහුණුවීම අප්‍රේල් මාසයේ උරයසු නගරයේ පැවැත්වීමට නියමිතව තිබිණි.
ෆුකුයි ප්‍රාන්ත බලධාරීන් චීනයේ ජිම්නාස්ටික් සංගමයේ පුහුණුවීම් ද නවතාදමන්නැයි ඉල්ලීම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd